Friday, May 17, 2024

රජයේ සේවකයන් විගණනය කිරීමට RTI හරහා හැකියි..

Must read

තොරතුරු දැනගැනීමේ අයිතිය යථාර්තයක් බවට පත්කරගැනීමට තමන්ගේ ධුරකාලය තුලදී හැකිවීම සම්බන්දයෙන් තමන් සන්තෝසවන බව ජනපති පවසයි. මේ පනත නිරවද්‍යතාවය හා වගවීම ඇති කිරීම සදහා වඩාත් පිටිවහලක් වනු ඇතැයි ජනපතිතුමා වැඩිදුරටත් පවසා ඇත.තම රජය විසින් මේ පනත සම්මත කරගනු ලැබුවේ රජයේ සියළුම වැඩකටයුතු පිලිබදව විනිවිදභාවය හා නිරවද්‍යතාවය තහවුරු කිරීමට තම රජයට අවශ්‍ය නිසා බවත් ජනපති පවසා ඇත. ඔහු මේ පිලිබදව පවසා ඇත්තේ පසුගිය 17 වනදා තොරතුරු දැනගැනීමේ පනත ජනතාවට ඉදිරිපත්කිරීමේ අවස්ථාවකට එක්වීමෙනි.

තොරතුරු දැනගැනීමේ අයිතිය පිලිබදව වන කටයුතු මුලින්ම ආරම්භකරල ලද්දේ හිටපු අමාත්‍ය ධර්මසිරි සේනානායක මහතා විසින් බව පැවසූ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරන හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිලිබදව වන පනත විවේචනය කිරීම වෙනුවට එහි ඇති අඩුපාඩු පෙනවා දෙමින් පණත තව තවත් ශක්තිමත් කිරීමට සහය වන ලෙසයි. එලෙසම මෙමම පණත පිලිබදව වැරදි මත ජනතාව අතර පතුරුවීමෙන් වලකින ලෙසත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරන හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ඉල්ලා සිටියේය.

තොරතුරු පිලිබදව වන ප්‍රාෙයා්ගික අනාවරණයන් සිදුකිරීම ඔවුන්ට අවශය බවත් ඒ සදහ් සහය වන හොදම වෙබ් අඩවි තෝරා ත්‍යාගප්‍රදානය කිරීමටත් තමන් බලාපොරොත්තු වන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් රංග කලංසූරිය මහතා පවසා සිටියේය. මෙම පනත මගින් රජයේ සේවකයන්  විගණනය කිරීමට හැකියාව ඇති බවද පැවසූ අමාත්‍යංශයේ උපදේශක පියතිස්ස රණසිංහ මහතා තවදුරටත් පවසා සිටියේ ලබන මාර්තු මාසය වන විට තොරතුරු නිලධාරීන් වෙත අවශ්‍යවන අත්පොත් ලබාදීමටද කටයුතු කරන බවයි.

 rti-logo-gavel
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article