Friday, September 18, 2026
spot_img

පොලිස් ලොක්කන්ට වැඩ වරදියිද ?

Must read

සාමාකාමී උද්ඝෝෂණයකට සහභාගී වෙමින් සිටියදී තමන්ට නිකරුනේ පොලිසිය පහර දී අත් අඩංගුවට ගත බවත් පහර දීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වූ බවත් සඳහන් කරමින් ඊට වන්දි වශයෙන් රුපියල් කෝටියක මුදලක් ලබා දෙන ලෙස ඉල්ලා නීතිඥවරුන් දෙපළක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් පෙත්සමක් ගොනු කරනු ලැබ තිබේ.

ජානක අධිකාරී සහ ලක්දිනු ධීරසේකර නීතිඥ දෙපළ විසින් ගොනුකර තිබූ මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් වශයෙන් පොලිස්පති, නීතිපති, බස්නාහිර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති, කොටුව, මරදාන, වේල්ලවීදිය සහ කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු 10 දෙනෙක් නම් කරනු ලබා සිටින අතර පසුගිය කාලය තුල මර්ධනයට අදාල පොලිසිය කටයුතු කළ ආකාරය පිළිබදව දැවැන්ත විවේචනයක් මේ වන විටත් එල්ල වෙමින් තිබේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article