Sunday, May 19, 2024

T20 විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කාලසටහන

Must read

කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානය හිමිකරගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 12 දෙනාගේ වටයට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා සමත් විය.

ඒ අනුව සුපිරි 12 දෙනාගේ වටයේදී ශ්‍රී ලංකාවට තරගාවලියට පිවිසෙන්නේ පළමු ඛාණ්ඩය යටතේය. එම ඛාණ්ඩයේ ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන්නේ ඕස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්ය හා මූලික වටයේ B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය හිමිකරගන්නා කණ්ඩායමයි.

ඒ අනුව සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය පැවැත්වෙන්නේ 23 වන ඉරිදා උදෑසන 9.30ට Hobart ක්‍රීඩාංගනයේදීයි. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ වදින්නේ මූලික වටයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන තැන හිමි කරගන්නා කණ්ඩායම සමගයි.

අනතුරුව එළඹෙන 25 වනදා ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය Perth හිදී පස්වරු 4.30ට පැවැත්වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය 27 වනදා Sydney ක්‍රීඩාංගණයේදී පස්වරු 1.30ට නවසීලන්තය සමග පැවැත්වීමට නියමිතය.

නොවැම්බර් 01 වනදා Brisbane හිදී ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය පැවැත්වෙනපඅතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වන්නේ ඇෆ්ගනිස්ථාන කණ්ඩාමයි.

සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය නොවැම්බර් මස 05 වනදා එංගලන්ත කණ්ඩායමට එරෙහිව Sydney හිදී පැවැත්වීමට නියමිතය.එම තරඟය ආරම්භ වන්නේ පස්වරු 1.30ටය.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය නොවැම්බර් මස 09 වනදා පැවැත්වෙන අතර දෙවන අවසන් පූර්ව තරගය නොවැම්බර් මස 10 වනදා පැවැත්වීමට නියමිතව තිබේ.අවසන් මහාතරඟය පැවැත්වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් 13 වන ඉරිදා පස්වරු 1.30ටය.

(අදදෙරණ ඇසුරිණි)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article