Wednesday, September 30, 2026
spot_img
spot_img
spot_img
spot_img

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට අධිකරණය ඉදිරිපිටදී ප්‍රහාරයක්?

Must read

​කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසළදී අද (30) දින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක නිලධාරියෙකුට මාධ්‍ය කැමරා ශිල්පියෙකු විසින් පහර දෙනු ලැබ ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ නඩුවක් සඳහා හිටපු ජනාධිපතිවරයා අධිකරණයට පැමිණ නැවත පිටතට පැමිණෙන අවස්ථාවේදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන තිබේ.

​සිදුවූයේ කුමක්ද?

​අටවැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව විභාගයට ගැනීමෙන් පසු ඔහු අධිකරණ පරිශ්‍රයෙන් පිටතට පැමිණෙන අවස්ථාවේදී, එම ස්ථානයේ රැස්ව සිටි මාධ්‍යවේදීන් සහ ආරක්ෂක අංශ අතර උණුසුම්කාරී වාතාවරණයක් ඇති වී තිබේ.

​එම අවස්ථාවේදී සිරස මාධ්‍ය ජාලයට අනුයුක්ත චරිත් නැමැති කැමරා ශිල්පියා විසින් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට යෙදී සිටි විශේෂ ආරක්ෂක නිලධාරියාගේ හිසට සිය වීඩියෝ කැමරාවෙන් පහර දී ඇති බවට අනාවරණය වී තිබේ.

​රෝහල්ගත කිරීම සහ පොලිස් පැමිණිලි

​ප්‍රහාරයෙන් තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා වහාම ඒ පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත. මෙම ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී එම ස්ථානයේ සිටි තවත් මාධ්‍යවේදීන් රැසකගේ කැමරාවල ආරක්ෂක නිලධාරියාගේ හිසට කැමරාවෙන් පහර දෙන අයුරු ඉතා පැහැදිලිව සටහන් වී තිබිණි.

​ආරක්ෂක අංශවල දැඩි අවධානයට

​ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මහජන චරිතයක් වන රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණ භූමියට පැමිණෙන අවස්ථාවේදී ප්‍රමාණවත් හා විධිමත් ආරක්ෂාවක් තහවුරු කර නොතිබීම මෙවැනි ප්‍රහාරයක් සිදුවීමට මග පෑදුවේද යන්න පිළිබඳව මේ වන විට ආරක්ෂක අංශ තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

​එපමණක් නොව, මෙම මාධ්‍යවේදියා මුවාවෙන් හිටපු ජනාධිපතිවරයාට යම් ආකාරයක සෘජු අනතුරක් සිදුකිරීමේ පූර්ව සැලසුමක් තිබුණේද යන්න සම්බන්ධයෙන්ද ආරක්ෂක අංශ විසින් ගැඹුරු සැකයක් මතුව තිබෙන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඡායා – newstube.lk

​

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article