Thursday, September 17, 2026
spot_img

දළ පූට්ටුවා ඝාතනය කොට ගජමුතු ගැනිමේ ජාවාරම පිටුපස හිමිනමක් ?

Must read

දළ පුට්ටුවා .odtගල්ගමුවේ දළ පූට්ටුවා ඝාතනය කොට ගජමුතු ගැනිමේ ව්‍යාපාරය පිටුපස හිමිනමක්ද සිටින්නේදැයි යන සැකය මේ වන විට මතුවෙමින් තිබේ.
එයට එක් ප්‍රධාන හේතුවක් වන්නේ දැනට අත්අඩංගුවට ගෙන ඇති නිකවැව හේරත්ගම ග්‍රාම සේවක නිළධාරියා මේ හිමිනමගෙන් මාසිකව පඩියක් ලබන අයෙකු බව ප්‍රදේවාසින් විසින් හෙළිදරව් කිරිමත් සමගින්ය.
යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලට මහත් ප්‍රසිද්ධියක් උසුලන මේ හිමිනම වැඩවිසු  විහාරයෙන් මේ දිනවල බැහැරව ගොස් ඇතැයි ප්‍රදේශවාසිහු පවසා සිටිති.
මෙම ජාවාරමට සම්බන්ධ සැමට තරාතිරම නොබලා උපරිම දඩුවම් දිය යුතු බව පරිසර සංවිධාන මෙන්ම ප්‍රදේශවාසින්ගේද ප්‍රබල මතය වි තිබේ. .
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් රැසක් සමගින්ද මේ හිමියන්ගේ කිට්ටු සබදතා මේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හේතුකොටගෙන ඇති බවද සැලය.
පසුගිය 22 වනදා පොල්පිතගමදි අත්අඩංගුවට ගැණනු ග්‍රාම නිළධාරියා සහ වැඩතහනමට ලක්වු පොලිස් නිළධාරියා ලග තිබු ඇත්දළ යුගලය දළ පුට්ටුවාගේ බව වනජිවි නිළධාරිහු ඊයේ දිනයේ අධිකරණයේදි ප්‍රකාශ කොට තිබුණි.
මෙම ගජුමතු හොරුන් දෙදෙනාව ලබන මස 12 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට අධිකරණය විසින් නියෝග කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article