Sunday, May 19, 2024

ජනපතිට රෝහල් ගේට්ටුව විවෘත නොකළ ආරක්ෂක නිළධාරින්ට දඩුවමක් ?

Must read

Maithripala_Sirisena_AFP_650කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන භික්ෂුන් වහන්සේ නමකගේ සුවදුක් බැලීමට කොළඹ ජාතික රෝහලට ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අනපේක්ෂිත අකරතැබ්බයකට මුහුණ දීමට සිදුව ඇත බව විවිධ මාධ්‍ය විසින් වාර්ථා කර තිබුණි..
ඒ බොහොමයක් සමාජ මාධ්‍යයන් විසින් වාර්ථා කර තිබුන පසුබිම් කථාව පහත දැක්වෙන පරිදිය.

ජනාධිපතිවරයා ආරක්ෂක අංශ නිලධාරීන් සුළු පිරිසක් සමඟ මෝටර් රථයක නැඟී නේවාසිකව ප්‍රතිකාර ලබන භික්ෂුන් වහන්සේ නමකගේ සුවදුක් බැලීම සඳහා පෙරේදා (26) පෙරවරු 9.45ට පමණ කොළඹ ජාතික රෝහලට ගොස් ඇත.
ජනාධිපතිවරයා ගමන් ගත් මෝටර් රථය ජාතික රෝහලේ .වාට්ටු අංක 02න් ඇතුළට ගත් අවස්ථාවේදී එහි සිටි ආරක්ෂක නිලධාරිනිය සහ ආරක්ෂක නිලධාරියා ඊට අවසර ලබා දී නැතැයි වාර්තා වේ.

අවේලාවේ රෝගීන් බැලීමට පැමිණෙන වාහනවලට ඇතුළු වීමට අවසර ලබා නොදෙන හෙයින් එම ආරක්ෂක නිලධාරීන් මෙම මෝටර් රථයටද රෝහල් භූමියට ඇතුළු වීමට අවසර ලබා දී නැත.
මෝටර් රථයේ සිටි ආරක්ෂක අංශ නිලධාරීන් තුන්වතාවක් ගේට්ටුවේ සිටි ආරක්ෂක අංශ නිලධාරිනියට සහ නිලධාරියාට පවසා ඇත්තේ මෝටර් රථය තුළ ජනාධිපතිවරයා සිටින බවටය.

නමුත් ඒ බව විශ්වාස නොකළ රෝහල් ආරක්ෂක අංශ නිලධාරියා සහ නිලධාරිනිය මෝටර් රථය රෝහල තුළට ගැනීම සඳහා ගේට්ටුව විවෘත කර නොමැත.
අනතුරුව ජනාධිපතිවරයාම මෝටර් රථයේ වීදුරුව පහත් කර තමන් එහි සිටින බවට ඔවුන් දෙදෙනාට අඟවා ඇත.
පසුව එම දෙපළ “සමාවෙන්න සර්” කියා ගේට්ටුව විවෘත කර දී තිබේ.

මේ හේතුව නිසා ජනාධිපතිවරයාට විනාඩි පහකට ආසන්න කාලයක් ගේට්ටුව අසලම රැඳී සිටීමටද සිදුවී තිබේ.
කෙසේ වෙතත් ජනාධිපති ආරක්ෂක අංශය විසින් මේ සම්බන්ධයෙන් කළ දැනුම් දීමකට අනුව මරදාන පොලිසියේ නිලධාරීන් අදාළ ආරක්ෂක අංශ නිලධාරිනියගෙන් සහ නිලධාරියාගෙන් ප්‍රශ්න කර ඇත.
අදාළ රෝහල් ආරක්ෂක අංශ නිලධාරිනිය පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකාරියක බවද කියැවේ.
රෝහල් බලධාරීන් විසින් මෙම ආරක්ෂක අංශ නිලධාරිනියට සහ නිලධාරියාට එරෙහිව විමර්ශනයක්ද සිදු කර ඔවුන් එම ගේට්ටුවේ ආරක්ෂක කටයුතුවලින් ඉවත් කර ඇතැයි ද වාර්තාවේ
(උපුටා ගැනිම – ගොසිප්ලංකා නිව්ස්. කොම් )

මෙහිදි මතුවන ගැටළුව වන්නේ අදාල ආරක්ෂක නිළධාරිණිය සහ නිළධාරියාව මාරු කිරිම පිළිබදව ඇති ප්‍රශ්ණයයි .විශේෂයෙන්ම රාත්‍රි කාලයේ විවිධ තනතුරු තරාතිරම් කියා ගත් තඩි කාර් වලින් රෝහලට පැමිණෙන බොහොමයක් අය සිටිනවා විය හැක.එවන් අවස්ථාවලදි ඒ ඒ අයට යන්නට අවසර දිම නිසා මේ නිළධාරින් අදාල ඉහල අයගෙන් ඇති පදමට බැණුම් අසා තිබෙනවාද විය හැක.
මේ පසුබිම යටතේ ඇත්තටම ඇතුළේ ඉන්නේ කව්දැයි සැකහැර දැනගැනිම මේ අයගේ වගකිම නොවේද ?
එසේ කළා යැයි කියා ඒ අය එතනින් ඉවත් කිරිම හරිද?
මාධ්‍ය විසින් වාර්තා කර ඇති අන්දමට එය එසේ නම් යහපාලනය ස්ථාපිත කිරිමට පැමිණි ජනපතිතුමන් කළ යුතුව ඇත්තේ  වෙනත් නිළධාරින් අතින් වරදක් සිදුව ඇති නම් එය නිවරදි කිරිමයි. ජනපතිගේ මුහුණු පොත හැක් කළ දරුවෙකුට ජනාධිපතිවරයා සමාව දි තුලින් ලද ප්‍රසංසාව ගැනද මෙහිලා සටහන් තබනු කැමැත්තෙමු.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article