Tuesday, May 7, 2024

හයිබ්‍රිඩ් එකෙන් මාල කඩන දොස්තර

Must read

1.png

හයිබ්‍රිඩ් වර්ගයේ මොටර් රථයකින් පැමිණ කාන්තාවකගේ කර බැදි රන්මාලයක් කොල්ලකෑමේ සිදුවීමක සැකපිට අත්අඩංගුවට ගත් වෛද්‍යවරයෙක්,හිටපු හමුදා නිලධාරියෙක් හා කාන්තාවක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ලක්මාල් පෙරේරා මහතා ඊයේ දිනයේදී නියෝග කලේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ අම්බලන්තොට රිදියගම ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරයෙකු, ඔහුගේ බිරිද හා හිටපු හමුදා නිලධාරියෙකි.කළගෙඩිහේන සපුගස්තැන්න ප්‍රදේශයේ කාන්තාවගේ රන් මාලය සොරාගත් මෙම පිරිස හයිබ්‍රිඩ් වර්ගයේ වාහනයෙන් පලායමින් සිටියදී ඒ සම්බන්දයෙන් නවීන තාක්ෂණය ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ වේයන්ගොඩ පොලීසිය මෙම පිරිස ,රන් මාලය හා හයිබ්‍රිඩ් වර්ගයේ වාහනය අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වෛද්‍යවරයා වැඩ තහනම් කල වෛද්‍යවරයෙකු බවත්,හමුදානිලධාරියා ආබාධිත පුද්ගලයෙකු බවත් කාලයත් තිස්සේ සිදුකල අපරාද රැසකට වරදකරුවෙකු බවද පවසන පොලීසිය වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම පිරිස දැඩි ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි ව සිට ඇති බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article