Thursday, May 16, 2024

NAITA සභාපති කටුනායක NDES වැනසීමට සැරසෙයි.

Must read

කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනය 1985 වසරේදී වත්මන් අගමැති ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ දූරදර්ශී අදහසකට අනුව ආරම්භ කරන ලද අතර එය දැනට වසර 33ක් තිස්සේ ඉංජිනේරු ක්ෂේත්‍රයට වෘත්තිකයන් 9000 කට වැඩි පිරිසක් බිහි කර ඇත.

එමගින් පිරිනමන ඉංජිනේරු විද්‍යා ජාතික ඩිප්ලෝමාව දේශීය හා විදේශීයව සුවිශේෂී පිළිගැනීමක් ලබා ඇති අතර රටේ පවතින ඉංජිනේරු ඩිප්ලෝමා 4 අතුරින් වෙනස්ම වූ පාඨමාලාවකි. 1988/1989 භීෂණ යුගයේ රට තුල පාසල් පවා වසා දැමූ තත්වයකදීත් එකදු දිනයක් හෝ නොවසා විරෝධතා වර්ජන නොමැතිව අධ්‍යයන කටයුතු පවත්වාගෙන ගිය එකම උසස් අධ්‍යාපන ආයතනය මෙයයි.

ජාතික ආධුනිකත්ව හා පුහුණුකිරීමේ අධිකාරිය (NAITA) ආයතනය යටතේ පාලනය වුණද මෙම පාඨමාලාව එයටම ආවේණික සුවිශේෂී ස්වභාවය නිසා වරලත් ඉංජිනේරුවන් හා ව්‍යවස්ථාපිත ඉංජිනේරුවන් දහස් ගණනක් මේ තුලින් බිහිවී ඇත.

නමුත් දැන් ඉංජිනේරු අධ්‍යාපන ආයතනයක් බාර වී ඇත්තේ දොස්තර වරයෙකු යයි කියාගන්නා  සාරංග අලහපෙරුම නමැත්තාට ය. NAITA හි සභාපතිවරයා වන්නේ සාරංගය. ඉංජිනේරු විෂය තබා මෙලෝ අධ්‍යාපන ආයතනයක් පිලිබඳ තේරුමක් නැති මොහු මේ ඉංජිනේරු ඩිප්ලෝමාව හා එය පවත්වනු ලබන කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනය විනාශ කිරීමට පිඹුරුපත් සකසා ඇති බව රටවැසියන්ට දැනුම් දීමට සිදුව ඇත්තේ ශෝකයෙනි.

ශ්‍රී ලංකාවේ හා පිට රටවල දෙවන පෙළ ඉංජිනේරුවන්ට ඇති රැකියා අවස්ථා පිළිබඳව කිසිදු සමීක්යෂණක් හෝ අගැයීමක් හෝ නොකර සාරංග අලහප්පෙරුම මේ ආයතනයේ දැනට අධ්‍යාපනය ලබන සිසුන් 250ක ප්‍රමාණය එක්වරම තවත් මාසයක් තුල සිසුන් 800 ක් කිරීමට සැරසෙයි. ඔහු ළඟ ඒ සඳහා කිසිදු සැලසුමක් නැති අතර සිසුන් දහස් ගණනකගේ ජීවිත සමග ඔහු මේ දාදු ක්‍රීඩාව කරන්නට යයි.

ඉන්ජිනේරු තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ /විදුහල්පති සපුතන්ත්‍රී මහතා මේ අත්තනෝමතික වැඩපිළිවෙලට සාරංග අලහප්පෙරුමට අවශ්‍යය වූ අන්තවාදී සහාය ලබා නොදී එහි අසීරුකම පෙන්වා දුන් නිසා ඔහුව හදිසියේම නයිටා ප්‍රධාන කාර්යාලයට මාරුකර යවා ඇත. එපමණක් නොව ඔහුගේ හිට්ලර් ප්‍රතිපත්තිය පසක් කරමින් සපුතන්ත්‍රී මහතාව නොකළ වරදකට හසු කර හෝ ගෙදර යවන ලෙස ආයතනයේ නීති නිලධාරියාට උපදෙස් දී ඇත. සාරංග නමැත්තාගේ මන්ද මානසික භාවය වඩා තහවුරු වන්නේ එකම ආයතනයේ සිංහයින් දෙදෙනෙකුට සිටිය නොහැකි යැයි ප්‍රසිද්ධ සාකච්ඡාවකදී කියා සිටීම නිසා ය.

මීට අමතරව මේ සම්බන්ධව සාකච්ඡාවක් සඳහා මෙතෙක් කල් ඉතිහාසයේ කිසිදු විරෝධතාවයක් උපවාසයක් සඳහා සම්බන්ධ නොවූ ආයතනයේ ශිෂ්‍ය සංගමය ඔහු හමුවූ පසු සාරංග ඔවුන්ව නින්දිත අයුරින් උපහාසයට ලක් කර මේ සුවිෂේශී ජාතික ඩිප්ලෝමාව දැඩි හාස්‍යයට ලක් කොට ඇත. එපමණක් නොව සිසුන් සියලු දෙනාටම ඔවුන්ගේ නම් ගම් පවා අසමින් බරපතල ලෙස තර්ජනය ද කර ඇත.

සාරංග විසින් සිසුන්ගේ ගැටලුවලට අපූරු විසඳුම් කීපයක් ලබාදී ඇත. ඒවා නම් ඉගෙනීම් කටයුතු සඳහා ඩෙස් බන්කු නැති නම් දෙදෙනෙක් එක බන්කුවක සිට ඉගෙන ගන්නා ලෙසය. එසේම ඉඩ පහසුකම් නැති නම් රාත්‍රී කාලයේ සහ සති අන්තයේද අධ්‍යයන කටයුතු පවත්වන ලෙසය. 

සාරංග අලහප්පෙරුමට උසස් අධ්‍යාපනය ගැන ඇති දැක්ම ඉන් මොනවට පැහැදිලි වේ. මෙසේ උසස් අධ්‍යාපනය පුළුල් කළ හැකි නම් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල වලට ගන්නා සිසුන් සංඛ්‍යාව එක රාත්‍රියෙන් දෙගුන කළ හැකිය. අවශ්‍ය වන්නේ සාරංග චින්තනය පමණි.

සාරංග අලහපෙරුමට ඔහු කිරීමට යන දෙය ගැන කිසිදු අවබෝධයක් නැති අතර ඔහු මෙම සිසුන් තුන් ගුණයකින් වැඩි කර බඳවා ගන්නේ  කෙසේදැයි කිහිපවරක් ආයතනයේ කථිකාචාර්ය වරුන්ගෙන් මෙන්ම නයිටා ආයතනයේ නිලධාරීන්ගෙන් විමසා ඇත. ඔවුහු සියලු දෙනා මේ කාර්යය සිදු කිරීමේ අපහසු බව අවබෝධ කරගෙන තිබෙන නමුත් මොහුගේ ඒකාධිපති පාලනය හමුවේ තම රැකියාව රැකගැනීමට මුනිවත රකී.

මේ ආයතනයේ දැනට කරගෙන යන අධ්‍යයන කටයුතු පවත්වා ගැනීමට පවා අවශ්‍යය කථිකාචාර්යවරු සහ විද්‍යාගාර පහසුකම් නැති අතරම සිසුන්ට ප්‍රමාණවත් වැසිකිලි කැසිකිලි පහසුකම්වත් නැති පසුබිමක වගකිවයුතු නිලධාරියකු ලෙස මොහුගේ තීරණය පිටුපස අදිසි හස්තයක් ක්‍රියාත්මක වන බව මොනවට පැහැදිලිය.

මේ පවතින තත්වයන් යටතේද ශිෂ්‍යයන් හට අදාල පුහුණු මොඩියුල ආවරණය වන ලෙස කාර්මික පුහුණුව සොයා ගැනීමේ අසීරුතාවය දන්නේ ශිෂ්‍යයන් ගුරුවරුන් සහ නිලධාරීන් ය. එසේ ක්‍රමානුකූල පුහුණුවක් ඔහුගේ වෘත්තිය ඇතුලු සෑම වෘත්තීයකටම අත්‍යාවශ්‍ය බව හෝ මේ දොස්තර සභාපති නොදන්නේද ? සාරංග තමාගේ පුහුණු කාලය තුල කිසිත් නොකළ නිසා ඔහු ඒ බව වැඩිපුර නොදන්නවා විය හැක. හෙම්බිරිස්සාවකටවත් බෙහෙත් කළ නොහැකි දොස්තරයෙක් නිසා සාරංග තම වෘත්තිය අතහැරියා ද විය හැක.

කෙසේ වෙතත් ඔහුට රටේ කර්මාන්ත වල ස්වභාවයවත් මෙම ඉංජිනේරු ශිෂ්‍යයන්ට අවශ්‍යය පුහුණුව ගැනවත් අවබෝධයක් සාරංගට ඇතැයි විශ්වාස කළ නොහැක. එසේ අවබෝධයක් ඇත්නම් 400 දෙනෙකුට පුහුණු ආයතන සොයාගැනීමට අපහසු රටක 800 දෙනෙකුට පුහුණු ආයතන ලබා දෙන්නට සිදුවන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට යෑම විහිළුවක් නොවන්නේ ද?

රජයේ වගකිවයුතු නිලධාරියෙක් ලෙස ඔහුට වෘත්තීමය සහ පරිණත අයුරින් හැසිරෙමින් මෙවන් වෙනස්කම් ජාතික තලයේ ආයතනයකට සිදු කරන විට ශක්‍යතා අධ්‍යයනය සඳහා කමිටුවක් පත්කර ඔවුන්ගේ නිර්දේශ ලබා ගත හැක. එවැන්නක් මෙතෙක් කර නැත. දැන් ඔහු එවැන්නක් සිදු කරන්නේ වුව කළ යුත්තේ පිරිසිදු චේතනාවකිනි. මොහුගේ හැසිරීම් සලකා බලන කළ ඔහුට හිතවත් හෙංචා කමිටුවක් පත්කිරීමටද ඉඩ ඇත.

මෙවන් අදූරදර්ශී නොහික්මුණු නායකයන් මෙවන් තෘතීයික අධ්‍යාපන ආයතනවලට පත්වීම ශාපයකි. ඔවුන්ගේ අදූරදර්ශී තීරණවලින් අහිංසක ජීවිත රැසක අනාගතය විනාශ වීම අපරාධයකි. වර්තමානයේ මෙම සභාපතිවරයා කරන්නට තටමන්නේ තවත් සයිටම් ආයතනයක් වැනි ආයතනයක් බිහි කිරීමටය.

දැනට මෙම ඩිප්ලෝමාධාරීන්ට තිබෙන වෘත්තීයමය ගෞරවය සහ පිළිගැනීම නැති කර දමා කිසිදු පිළිගැනීමක් නැති තවත් වෘත්තිකයන් 800 ක පිරිසක් කඩිමුඩියේ බිහිකිරීමට ඔහු සූදානම්ය. කිසිදු තාර්කික පදනමක් සහ ශක්‍යතා අධ්‍යයනයක් නොමැතිව තැන තැන අප්‍රකට සාකච්ඡා පවත්වමින් කරගෙන යන මෙම රහසිගත වැඩ පිළිවෙල දහස් ගණනක් සිසුන්ගේ අනාගතය විනාශ කර දමනු නියතය.

ඉංජිනේරු විද්‍යා ජාතික ඩිප්ලෝමාව ඉංජිනේරු කවුන්සිල පණත යටතේ ව්‍යවස්ථාපිත ඉංජිනේරුවන් වීම සඳහා වෘත්තිකයන් මෙහෙයවන රටේ ආර්ථිකයට සුදුසුකම් සහිත වැඩදායී වෘත්තීය ඉන්ජිනේරුවන් බිහි කරන ආයතනයක් බව නොදන්නා මුග්ධ සභාපතිවරයාගේ මේ අදූරදර්ශී ක්‍රියාවේ ප්‍රථිපල හෙට දිනයේ මුලු රටටම විඳීමට සිදු වේ. එසේම මොහුට මේ ක්‍රියාවේ ඇති බැරෑරුම්කම සහ එහි බලපෑම පාර්ශව කිහිපයක් විසින් පෙන්වා දීමට උත්සාහ කර ඇතත් ඒ කිසිවකට ඔහු සවන් දීමට සූදානම් නැත. මෙවැනි ජාතික ඩිප්ලෝමාවක් එහි සියලු ප්‍රමිතීන් රැකගනිමින් සිසුන් බඳවා ගැනීම් දෙගුණ කිරීමට යන වියදම් පිලිබඳවද කිසිදු අවබෝධයක් නැති සාරංග අලහපෙරුම පහත සදහන් දත්ත නොදන්නවා විය හැක. දැනගත්තද ඔහුගේ දේශපාලන අනාථභාවය සහ විෂය නොදන්නාභාවය අනාගත පරපුරක් අනාථ කර හෝ තම පෞද්ගලික අරමුණු ඉටු කරගැනීමට වෙහෙස දරනවා නියතය. මෙම දත්ත සලකා බලා සභාපතිවරයා ලෙස ඔහු කළ යුත්තේ කුමක් දැයි පාසල් සිසුවෙකුට පවා අවබෝධයක් ඇතිවන බව නිසැකය.

According to the

UNDP /ILO plan

Cadre in 1988 Actuals in 2018
Lectures 21 14

(No cadre revision)

Instructors 27 14

(No cadre revision)

Lab Assistants 12 10
Students 250 400
Student/Instructor 9

(Standard 8 students)

32

 

 

Item Existing capacity (no. students) Existing no. of students Proposed no. of students
Male hostel 60 412 800
Female hostel 40
Total capacity 100
Lecture hall 65 students per hall 104 students per hall
Total capacity of Students 260 412
Toilets (Male) 5* – only three is useable
Toilets (Female) 3* – only two useable
Examination halls No special examination hall ***
Canteen 70 412
Library Designed for 250 batch 412
Laboratory 24 students

(8 x 3 practical groups)

90 students

(30 x3 practical groups)

 

පවතින යහපාලන රජය පිලිබඳ ජනතාවගේ අප්‍රසාදය වැඩි කිරීමටත් පවතින ශිෂ්‍ය අර්බුද වැඩි කර මෙතෙක් කිසිදු රජයකට විරෝධතා පළ නොකළ වෘත්තීය මට්ටමේ විද්‍යාර්තීන් සහ සිසුන්ද මේ රජයට එරෙහිව පෙළගැස්වීමේ යටි අරමුණක් මොහුගේ අත්තනෝමතික ක්‍රියා කලාපය තුල ඇත්දැයි සැක පහළ වී තිබේ.

මේ දොස්තර සාරංග රාජපක්ෂ යුගයේද රජයේ දේශපාලන තනතුරු උසුළා දැනුත් එවැනිම තනතුරු දැරීමෙන්ම මොහුගේ දේශපාලන බංකොලොත්භාවය හා වෘත්තීයමය බන්කොලොත් භාවය ශපථ කරවයි. කිසිදු දැක්මක් නැති මේ පුද්ගලයා දේශපාලන අතකොලුවක් බව නොරහසකි. මොහුගේ අත්තනෝමතික ක්‍රියා කලාපය සිසුන් අතර නොසන්සුන් බවක් ඇති කරමින් පවතී. මොහුගේ තර්ජන ගර්ජන සිසුන් වෙත එල්ල වෙමින් පවතී. ඒ කෙසේ වුවත් ඔහු විසින් බාරගත් රජය අපහසුතාවයට පත් කිරීමේ කාර්ය භාරය ඔහු අකුරටම ඉටු කරමින් සිටී.

මේ පිලිබඳව වගකිවයුත්තන් සොයා නොබැලුවොත් නයිටා සභාපති දොස්තර සාරංග සහ ඔහු පසුපස ඇති බලවේග ජයගනු ඇත.

-NDES සුරැකීමේ ජාතික ව්‍යාපාරය –
(උපුටාගැනීම -www.lankaenews.com )

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article