Monday, April 29, 2024

මන්නාරම සමූහ මිනී වළෙන් කුඩා දරුවන් 12 දෙනෙකුගේ අස්ථි සොයාගැනේ.

Must read

මන්නාරම මිනී වල1

මන්නාරම මිනීවල 2

මන්නාරම, පැරණි සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයෙන් හමු වූ සමූහ මිනිවළේ සිදු කරන ලද  කැනීම් කටයුතු වල 62 දිනයේ කැනීම් කටයුතු අද (31) සිදුකරන අතර ඊයේ දිනයේදී සිදුකල කැනීම් වලින් කුඩා දරුවන්ගේ බවට සැකකල හැකි  සිරුරු කොටස් 12ක් හමු වූ බව බව මේ පිළිබඳ පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්. රාජපක්ෂ මහතා පවසයි.  මෙම සමූහ මිනීවළේ සිදුකරන ලද කැනීම් වලින් මේ දක්වා සොයාලෙන ඇති සිරුරු ප්‍රමාණය 114ක් වෙයි.

ඊයේ දිනයේදී සොයාගත් කුඩා දරුවන්ගේ යැයි සැකකෙරන අස්ථි කොටස් විශ්ලේෂණය කීරීමෙන් පසු එහි නියමිත ප්‍රමාණය පිළිබඳ අවසන් තීරණයකට එළඹෙන බව එස්. රාජපක්ෂ මහතා පවසයි.

මෙම වළෙන් ගොඩගත් අස්ථි 114න් 108ක් එස්. රාජපක්ෂ මහතාගේ භාරයේ මන්නාරම අධිකරණ සංකීර්ණයේ විශේෂ කුටියක තැන්පත් කර ඇති අතර එම අස්ථි කාබන් පරීක්ෂණයක් සදහා කැලිෆෝනියාවේ කාබන් පරික්ෂා කිරීමේ රසායනාගාරයකට යැවීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article