Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

ඉල්ලන ඕනෙම දෙයක් දෙන්නම් මට සහය දෙන්නැයි ජනපති TNAගෙන් ඉල්ලයි.

Must read

අද (12) උදෑසන ද්‍රවිඩ ජාතික සන්ධානය සහ ජනාධිපති සිරිසේන අතර විශේෂ හමුවක් සිදුව ඇති අතර එහිදී ජනපති සිරිසේන විසින් අගමැති ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ යෝජනා කරමින් ගෙනෙන යෝජනාවට සහය නොදෙන ලෙස ද්‍රවිඩ ජාතික සන්ධානයෙන් ඉල්ලා සිට ඇති බව වාර්ථා වෙයි.

එහිදී ජනපති සිරිසේන තවදරටත් පවසා ඇත්තේ තමන්ට සහය දුනහොත් ද්‍රවිඩ සන්ධානය ඉල්ලන ඕනෑම දෙයක් ලබාදෙන බවයි. එසේම රනිල් සියල්ල විනාශ කල බවත් රට නොබෙදා බලය බෙදීමට තමන් යෝජනා කල සෑම අවස්ථාවකදීම රනිල් එය ප්‍රතික්ෂේප කරවූ බවත් ඊට ජාතිවාදී පක්ෂ වල සහය ඔහු ලබාගත් බවත් ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රී කණ්ඩායම හමුවේ පවසා ඇති බවද දැනගන්නට ඇත.

ජනපති සිරිසේන මේ සියළු දේ පවසන විට දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් සිනාමුසු මුහුණින් ඔහු දෙස බලා සිට ඇති අතර ඔවුන් කිසිදු ප්‍රතිචාරයක් මේ සම්බන්දයෙන් දක්වා නැත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article