(7.30 am ) පොලිස් නිලධාරින්ගේ සංයුක්ත දීමනා සහ මෑතකදී කණීෂ්ඨ නිලධාරින්ට ලබාදුන් උසස්වීම්වල ඇති අක‍්‍රමිකතා සම්බන්ධයෙන් ‘පොලිස් ඥාති සංසදය’ විසින් අද (12) කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව මාධ්‍ය විසින් ඊයේ දිනයේ වාර්ථා කර තිබුණි.
මේ අතර මෙම උද්ඝෝෂණය තහනම් කරන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි කොටුව පොලිසිය විසින් අධිකරණයෙන් කර තිබුණ ඉල්ලිමද ප්‍රතික්ෂේප වි තිබේ.ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඇති අයිතියක් වැළැක්වීමට අධිකරණයෙන් නියෝග නිකුත් කළ නොහැකි බවත්,  උද්ඝෝෂකයින් එම අයිතිය උල්ලංඝණය කරමින් කටයුතු කළ හොත් පොලිස් බලතල පාවිච්චි කරන ලෙසත් දැනුම් දෙමින් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ඊයේ  (11) ප‍්‍රතික්ෂේප කර තිබුණි..