Saturday, November 23, 2024

‘ඇමති දෙමළ දේශපාලන සිරකරුවන් ඉදිරියේ හැසුරුණ ආකාරය අපි හෙළා දකිමු’

Must read



නැගෙනහිර දේශපාලන සංගමය විසින්ද දෙමළ දේශපාලන සිරකරුවන්ට යුක්තිය ඉටු කිරීම සඳහා ඉදිරියේදී සුදුසු පියවර ගන්නා බව එහි ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක වී. ගුණාලන් මහතා පැවසීය. නැගෙනහිර දෙමළ සංගමය විසින් සෙනසුරාදා (18) කල්මුනේ මාධ්‍ය මධ්‍යස්ථානයේදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදි සභාපති ඒ. ගුණසේකර, අම්පාර දිස්ත්‍රික් භාණ්ඩාගාරික. නාගේන්ද්‍රන් යන මහත්වරුන් සහභාගී වූහ. මෙහිදී ලංකාවේ වර්තමාන තත්ත්වය සහ සංගමයේ ක්‍රියාකාරකම් පිළිබඳව ලේකම් ගුණාලම් මහතා කතා කළේය.

‘ඇමතිවරයා විසින් අනුරාධපුර බන්ධනාගාරයේ දෙමළ දේශපාලන සිරකරුවන් ඉදිරියේ හැසිරුණ ආකාරය අපි තරයේ හෙළා දකිමු. දෙමළ දේශපාලන සිරකරුවන් අනාරක්ෂිත ස්ථානයක තැබීමෙන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇත.

පාර්ලිමේන්තුවේදී දෙමළ දේශපාලන සිරකරුවන් වෙනුවෙන් හඩ නැඟුවේ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයායි. දෙමළ දේශපාලන සිරකරුවන්ට යුක්තිය ඉටු කිරීම සඳහා නැගෙනහිර දෙමළ සංගමය ඉදිරියේදී සුදුසු පියවර ගනු ඇත. නැගෙනහිර දෙමළ සංගමයේ කොටසක් ලෙස නීතිඥ උපදේශක කමිටුවක් ඉක්මනින් පිහිටුවනු ඇත.

දෙමළ දේශපාලන සිරකරුවන්ගේ සුභසාධනය සහ නිදහස සම්බන්ධ කරුණු පිළිබඳව අපි ඔවුන්ගේ උපදෙස් හා මඟ පෙන්වීම් ලබාගෙන සුදුසු පියවර ගන්නෙමු. වෘත්තීය සමිති ක්‍රියාකාරීන් මේ සඳහා අපේ පෞද්ගලික මුදල් භාවිතා කිරීමට සූදානම්.’

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article