Monday, May 20, 2024

සුරාසැල් විවෘත කරන්න අවසර දුන්නේ කව්දැයි ඇමති කියයි ?

Must read

රට පුරා මත්පැන් අලෙවි සැල් විවෘත කිරීමට කටයුතු කරනු ලැබුවේ රජය විසින් අවසර ලබාදීමෙන් පසුව බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කරන බව නිව්ස්වයර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

” රජයේ අවසරයකින් තොරව මත්පැන් අලෙවිසැල් විවෘත කළ නොහැකි. රජයේ නිසි අවසර ලබා දීමෙන් පසු රට පුරා බලපත්‍රලාභී මත්පැන් අලෙවිසැල් දැන් විවෘතව කෙරුණා” යැයි අමාත්‍යවරයා කියා පැවසු බව වැඩිදුරටත් එහි සදහන්ය.

ගම්වල නීති විරෝධීව නිෂ්පාදනය කරන ලද මත්පැන් බොහෝ දෙනා මිලදී ගනිමින් සිටිනවා බවත් එය සෞඛ්‍යට අවදානම් වීම නිසා මෙලෙස සුරාසැල් විවෘත කිරීමට කටයුතු කෙරුණ බවයි අමාත්‍යවරයා කියා සිටියේය

ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට මුදල් නොමැති බව ජනතාව මැසිවිලි නැඟුවද, විවෘත කිරීමට අවසර දුන් වහාම මත්පැන් අලෙවි සැල් ඉදිරිපිට විශාල පෝලිම් දක්නට ලැබුණු බව ද ඇමතිවරයා ප්‍රකාශ කර ඇත.

“මිනිස්සු කන්න සල්ලි නෑ කියලා ආණ්ඩුවෙන් මුදල් සහනාධාර දෙන්න කියලා ඉල්ලනවා. නමුත් බාර් විවෘත කළ විගසම ඔවුන් ඒ ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබුණා” යැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

කළුතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියා.

මේ අතර සුරාසල් විවෘත කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් වෛද්‍ය විශේෂඥයෝ අප්‍රසාදය පළ කර තිබුණි.

සුරාසල් විවෘතකිරීමට රජය ගෙන ඇති තීරණය කොවිඩ් – 19 ව්‍යාප්තිය පාලනය සඳහා දැඩි අහිතකර බලපෑමක් සිදුවන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා එස්. ගුණරත්න අවධාරණය ඇත.

සුරාසල් ඉදිරිපිට ජනතාව පොරකන දර්ශන දක්නට ලැබුණු බවත් මෙය සුබවාදී තත්වයක් ලෙස සැලකිය නොහැකි බවත් ඇය වැඩිදුරටත් පෙන්වා දි තිබුණි.

මින් කොවිඩ් – 19 පාලන වැඩපිළිවෙළට සිදුවන හානිය ඉතාම වැඩි බව පවසය විශේෂඥ වෛද්‍යවරිය පාසල් ඉක්මනින්ම විවෘත කිරීමට ඇති අවස්ථාවද මෙමගින් දීර්ඝ විය හැකි බව ඇය පෙන්වා දුන්නාය..

රෝගය පාලනය කරමින් රට ඉදිරියට යාමට මෙය හානිකර බවද පද්මා ගුණරත්න මහත්මිය පවසයි.

මේ අතර ඇඳිරිනීතිය දීර්ඝ කිරීමෙන් මෙරට කොවිඩ් – 19 ව්‍යාප්තිය තවදුරටත් සාර්ථක ලෙස පාලනය කර ගැනීමේ හැකියාව ලැබෙන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසන්නට යෙදුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article