Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

පේතාලේ ගඟේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලෙයි

Must read



ඊයේ (19) සවස මඩකලපුව – කල්කුඩා ප්‍රෙද්ශයේ පේතාලෙයි ගඟේ මිතුරන් සමඟ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබේ. මෙම සිදුවීම සිදුවී ඇත්තේ සවස 3.00ට පමණ වන අතර සිරුර සොයාගන්නා ලද්දේ සවස 6.30ට පමණ වේ. ඊයේ සවස සිට මළ සිරුර සෙවීමේ කටයුතුවල ධීවරයින් සම්බන්ධ වී සිටියේය. පසුව වාලච්චේන රෝහල වෙත දේහය ගෙන යන ලදී. සිද්ධිය සම්බන්ධයෙන් කල්කුඩා පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර ඔහු සමඟ ස්නානය කිරීමට ගිය පුද්ගලයින් දෙදෙනාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන්කරගෙන තිබේ. මිය ගිය පුද්ගලයා විවාහක පුද්ගලයෙකු වන අතර දරුවන් හතරදෙනෙකුගේ පියෙකු බවද වාර්තා වේ.


රැද්‍රා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article