Thursday, October 1, 2026
spot_img
spot_img
spot_img
spot_img

‘කළු දිලීර’ ආසාදිතයන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වෙයි

Must read

‘කළු දිලීර’ රෝගය ආසාදිත රොගීන් කිහිප දෙනෙකු දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් හදුනාගෙන ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. ඒ අනුව කොළඹ ජාතික රෝහල, කුරුණෑගල සහ රත්නපුර ඇතුළු රෝහල් කිහිපයකින් මෙම රෝගීන් වාර්තා වී ඇත.

මෙම දිලීරය සාමාන්‍ය පරිසරයේ පවතින අතර ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉතා දුර්වල පුද්ගයන්ට මෙම දීලිරය ආසාදනය වීමේ වැඩි අවස්ථාවක් පවතී. කළු දිලීර ආසාදනයේ රෝග ලක්ෂණ ආසාදනය සිරුරේ වර්ධනය වන ප්‍රදේශය අනුව වෙනස් විය හැකිය. සම, ඇස්, නාසය, මොළය සහ පෙනහළු වැනි ප්‍රදේශ වල මෙම දිලීර ආසාදනය දක්නට ලැබේ.

එමෙන්ම මෙම දිලීර රෝගය සම්බන්දයෙන් වැඩිදුර අදහස් දක්වමින් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සදහන් කර සිටියේ මෙම රෝගය පුද්ගලයාගෙන් පුද්ගලයාට බෝ නොවන බවත් වසංගතයක් බවට පත්වීමේ හැකියාවක් නොමැති බවත්ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article