Monday, May 20, 2024

සිරකරු අයිතිවාසිකම් කමිටුවෙන් පොලිස්පතිට පැමිණිල්ලක් !

Must read

පසුගිය 12වන දින සුරා මතින් අනුරාධපුර බන්ධනාගාරයට ඇතුල් වී දෙමළ රැදවියන්  08 දෙනෙකු එළියට ගෙන සුලක්ෂන් නම් රැදවියාට පිස්තෝලය හිසට තබා ඔහුගේ නඩුවට අදාළ කරුණු සදහන් කරමින් මරණ තර්ජනය කල බවටත් වාර්තා වී ඇති බව පෙන්වා දෙන සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුව ඒ අනුව මෙසේ පිස්තෝලය භාවිතා කරමින් මරණ තර්ජනය කිරිම ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක 1966 අංක 18 දරණ පීඩාකාරි ආයුධ පනතේ 4 (1) අ, ආ සහ 4 (2) යටතේ ගැනෙන වරදවල් බව පෙන්වා දෙයි.

ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහය යටතේ මිනීමැරීමට තැත් කිරිමේ වරදද මෙහිදි සංස්ථාපනය වී ඇති බවද එය ප්‍රකාශ කරයි.

මේ බව දැක්වෙන්නේ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට එම සිරකරු අසිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් කරන ලද පැමිණිල්ලෙහිය. මෙම වරද යටතේ ලොහාන් රත්වත්තේ වරෙන්තුවක් නැතිව අත්අඩංඟුවට ගත හැකි බවද පැමිණිල්ල සඳහන් කරයි. ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහය යටතේ මිනීමැරීමට තැත් කිරිමේ වරදද මෙහිදි සංස්ථාපනය වී ඇත.

ලොහාන් රත්වත්තේ (හිටපු බන්ධනාගාර රාජ්‍ය ඇමති) විසින් වර්ෂ 2021/09/12 වන දින අනුරාධපුර බන්ධනාගාරයට ගොස් ගිණි අවි පෙන්වා එහි සිටි සිරකරුවන් පිරිසකට මරණ තර්ජනය කිරිම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන පැමිණිල්ලයි.

විද්‍යුත් හා මුද්‍රිත වලට අනුව වර්ෂ 2021/09/12 වන දින සවස් වරුවේ බීමතින් අනුරාධපුර බන්ධනාගාරයට ගිය හිටපු බන්ධනාගාර රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්ත මහතා විසින් එහි සිටි දෙමල සිරකරුවන් පිරිසක් බලහත්කාරයෙන් එහි වෙනත් ස්ථානයකට කැඳවා ඇත.

එසේ කැඳවනු ලැබු පිරිස 08 දෙනෙක් වන බවටත්, ඔවුන්ගෙන් එක් රැඳවියෙකුට (සුලක්ෂන් යන රැඳවියා) පිස්තෝලය හිසට තබා ඔහුගේ නඩුවට අදාළ කරුණු සදහන් කරමින් මරණ තර්ජනය කල බවටත් වාර්තා වී ඇත. ඒ අනුව මෙසේ පිස්තෝලය භාවිතා කරමින් මරණ තර්ජනය කිරිම ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක 1966 අංක 18 දරණ පීඩාකාරි ආයුධ පනතේ 4 (1) අ, ආ සහ 4 (2) යටතේ ගැනෙන වරදවල්ය.

ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහය යටතේ මිනීමැරීමට තැත් කිරිමේ වරදද මෙහිදි සංස්ථාපනය වී ඇත.

එසේම ඉහත කී රැඳවියා ඇතුළු අධිකරණ රක්ෂණය යටතේ සිටින රැඳවියන්ට අනවශ්‍ය ලෙස මෙසේ විවිධ බලපෑම් කිරිම අධිකරණයට සිදු කරන අපහාසයක්ද වනු ඇත.

සිංහල, දෙමල සහ මුස්ලිම් වැනි විවිධ ජනවර්ග වලට අයත් විශාල රැඳවියන් පිරිසක් සිටින මෙම අනුරාධපුර බන්ධනාගාරයේ මෙසේ එහි සිටින දෙමල සිරකරුවන් පිරිසක් පමණක් තෝරාගෙන ඔවුන්ට මරණ තර්ජන කිරිම ඇතුළු අමානුෂික සහ අවමන් සහගත සැලකිල්ලට ලක්කිරිම 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුතිය පනත (ෂක්‍ක්‍ඡඍ) යටතේද ගැනෙන වරදකි.

එසේම බන්ධනාගාර ආඥා පනතේ 38 හා 39 වගන්ති වල සදහන් ප්‍රතිපාදන වලින් බැහැරව බන්ධනාගාර නිලධාරින්ගේ රාජකාරි වලට බාධාවන ආකාරයට ක්‍රියා කිරිම බන්ධනාගාර ආඥා පනත යටතේ ගැනෙන වරදවල්ය.

ඒ අනුව මොහු සිදු කර ඇති වැරදි ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නීතිය අනුව වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි සංඥය වැරදි ගනයට ඇතුලත් වේ.

එසේම බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය යන අය ඉහත කී ලොහාන් රත්වත්තේ යන අයට ඉහත කී අපරාධ සිදුකිරිමට අවශ්‍ය සියලු ආධාර අනුබල දීම් සිදුකර ඇත. තමන් යටතේ ක්‍රියාත්මක අනුරාධපුර බන්ධාගාරයේ නිලධාරින්ට නිසි උපදෙස් ලබා නොදි ඉහත කී අපරාධ සිදුකිරිමට අවශ්‍ය පසුබිම ඔහු විසින් සකසා දී තිබේ. ඒ අනුව රජයේ නිළධාරියෙුකු වශයෙන් ඔහුගේ යුතුකම් පැහැර හැර තිබේ. ඒ අනුව ඔහු බන්ධනාගාර රැඳවියන් අනාරක්ෂිත භාවයට පත් කර ඔවුන්ට අගතියක් වන්නට අවශ්‍ය ඉඩකඩ චේතනාන්විතවම සකසා දී තිබේ. එය ඉහත කී 1966 අංක 18 දරණ පීඩාකාරි ආයුධ පනතේ 6 (1) සහ 7 වගන්ති යටතේ ගැනෙන වැරදි වේ.

ඒ අනුව වර්ෂ 2021/09/12 වන දින සවස් වරුවේ අනුරාධපුර බන්ධනාගාරය තුල සිදුවු ඉහත කී අපරාධයන් වසන් කිරිමටද, ඔහු ක්‍රියා කර තිබේ. එවැනි සිද්ධියක් සිදුවී නැති බවට හැඟෙන ආකාරයට ප්‍රසිද්ධ මාධ්‍ය මගින් ඔහු ප්‍රකාශ නිකුත් කර තිබේ. මෙයද ශ්‍රී ලංකා අපරාධ නීතිය (දන්ඩ නීති සංග්‍රහය) යටතේ වන වැරදි වේ. එසේම බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක යන අයද, ප්‍රසිද්ධ මාධ්‍ය වලට කරුණු ඉදිරිපත් කරමින් ඉහත කී අපරාධය සිදු නොවු බවට හැඟවෙන ආකාරයට කරුණු ඉදිරිපත් කර තිබේ. ඒ අනුව ඔහුද මෙම අපරාධය වසන් කිරිමට කටයුතු කර ඇත. ඔහුටද නීතිය ක්‍රියාත්මක කල යුතු වේ.

ඒ අනුව ඉහත කී කරුණු අනුව ඉතා ඉක්මනින් ලොහාන් රත්වත්තේ, තුෂාර උපුල්දෙනිය සහ චන්දන ඒකනායක යන අයවලුන් අත්අඩංගුවට ගෙන පරික්ෂණ සිදුකර මෙම අපරාධයේ වින්දිතයන්ට යුක්තිය ලබාදිමට මැදිහත් වන මෙන් ඉල්ලා සිටිමු.

තවද අනුරාධපුර බන්ධනාගාරයේ ඇති වු මෙම සිද්ධියට අදාළ ක්‍ක්‍ඔඪ දර්ශන මකා දැමීමේ අවධානමක් පවතින බැවින් ඒවා ආරක්ෂා කිරිමට අවශ්‍ය පියවරද, කඩිනමින් ගන්නා මෙන් අප ඉල්ලා සිටිමු.

නීතිඥ සේනක පෙරේරා, (සභාපති)

සුදේශ් නන්දිමාල් සිල්වා,  (ලේකම්)

2021/09/16

SLB

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article