Tuesday, May 21, 2024

70වන නිදහස දා රු.1000 නෝට්ටුව වෙනස් වෙයි.

Must read

එළඹෙන පෙරවාරි 4 වනදාට යෙදෙන මෙරට 70වන නිදහස් දිනය සැමරීම වෙනුවෙන් රු.1000 සමරු නෝට්ටුවක් සංසරණය සදහා එක් කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම නොට්ටුව මෙරට නිකුත් කෙරෙන 4වන සමරු නෝට්ටුව වනු ඇති. මෙම නව නොට්ටුවේ ප්‍රමාණය,වර්ණය,හා ආරක්ෂක සංකේතයන් සාමාන්‍ය රු.1000 නොට්ටුවේම මෙන් වන අතර එහි පහත වෙනස්කම් සහිත වෙයි. වම් පහළ කෙලවරේ ඇති සමනළයාගේ සංකේතය වෙනුවට ජනවාර්ගික විවිධත්වය හැගවෙන සංකේතයක්ද,නොට්ටුවේ මැද තිබූ රම්බොඩ උමග වෙනුවට පන්සල,පල්ලිය, කෝවිල හා මුස්ලිම් පල්ලිය සංකේතවත් කෙරෙන රූප ඇතුලත් වනු ඇති.එලෙසම පෙර නොට්ටුවේ S ලෙස සදහන් වූ සටහන S70 ලෙස වෙනස් වනු ඇති.

රුපියල් මිලියන 5ක මුදල් නොට්ටු මෙහිදී නිකුත් තිරීමට සැලසුම් කර ඇති අතර එම නොට්ටු වල අනුක්‍රමික අංක S70/1 000001 – S70/5 1000000 ලෙස වනු ඇති. z_p02-CBSL-issues

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article