Tuesday, May 21, 2024

පළාත් පාලන මැතිවරණයට අදාල පුද්ගලික අංශයේ නිවාඩු ප්‍රකාශයට පත්කෙරේ.

Must read

Election-Secretariat1

එළඹෙන පෙබරවාරි 10 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සදහා සිය ඡන්දය ප්‍රකාශ කිරීම සදහා රැකියාවල නියුතු සේවයක්ට ලබාදිය යුතු නිවාඩු ප්‍රමාණය මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. එහිදී එම නිවාඩු වැටුප් සහිත විය යුතු අතර එම පුද්ගලයාගේ පුද්ගලික නිවාඩු ප්‍රමාණයේ අඩුවීමක් සිදුනොවිය යුතුය.

රැකියා කරන ස්ථානයේ සිට සිය
ඡන්ද මධ්‍යස්ථානය දක්වා ඇති දුර
අනුමත කෙරෙන නීත්‍යානුකූල
නිවාඩු ප්‍රමාණය
40 km හෝ අඩු දින 1/2
40 — 100 km දින 1
100 — 150 km දින 1 සහ 1/2
150km ට වැඩි දින 2

මෙහි සදහන් නිවාඩු දින ප්‍රමාණයට අමතරව ඇතැම් අවස්ථාවන් වලදී තම ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ඔවුන් ගමන්ගන්නා දුර  ප්‍රමාණය සලකා දින 3ක නිවාඩු කාලයක් සදහා අනුමැතිය ලබාදිය හැකිබවද මැතිවරණ කොමසාරිස් කාර්යාලය පුද්ගලික අංශයේ සේවා යෝජකයන්ට දැනුම් දෙයි. එලෙසම සියළුම සේවකයන් විසින් තමන්ට අවශ්‍ය නිවාඩුව ලිඛිතව තම සේවා යෝජකයාගෙන් ඉල්ලීම් කල යුතු අතර සේවා යෝජකයන් විසින් එසේ නිවාඩු ඉල්ලූ සෙවකයන්ගේ නාම ලැයිස්තුවක් හා ඔවුන්ට අනුමත කල නිවාඩු ප්‍රමාණය දැක්වෙන ලියවිල්ලක් ප්‍රදර්ශනය කල යුතුයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article