Thursday, May 2, 2024

උතුරු මුහුදේ ගිලෙමින් තිබූ ට්‍රෝලර් යාත්‍රාවක සිටි ඉන්දීය ධීවරයින් 04 දෙනෙකුගේ දිවි බේරා ගැනේ !

Must read

මුහුදු අනතුරඋතුරු මුහුදේ ගිලෙමින් තිබූ ට්‍රෝලර් යාත්‍රාවක සිටි ඉන්දීය ධීවරයින් 04 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට නාවික හමුදාව අද අළුයම් කාලයේදි සමත්ව තිබුණි.

ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු ප්‍රදේශයේ මුර සංචාරක රාජකාරියේ යෙදී සිටියදී එම වේග ප්‍රහාරක යාත්‍රාව මගින් අනලතිව් දූපතට බස්නාහිර දෙසින් නාවික සැතපුම් 8.5 ක පමණ දුරකදී අනතුරට පත්ව ගිලෙමින් තිබූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාව සහ ධීවරයින් පිරිස නිරීක්ෂණය කොට ඇති බව දිණිමිණ වෙබ් අඩවිය වාර්ථා කර තිබුණි.

ඔවුන්ට අවශ්‍ය ප්‍රථමාධාර, ආහාර සහ පානීය ජලය ලබා දී, කන්කසන්තුරයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය වෙත රැගෙන ආ බව නාවික හමුදාව සඳහන් කරයි.
මුලාශ්‍රය- දිණමිණ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article