Friday, May 17, 2024

ඩෙංගු මඩින්න සියළු මාධ්‍ය එක්වෙති !

Must read

sdr

අපිම අරඹමු !ඩෙංගු දුරලමු! ජාතික ක්‍රියාන්විතයට එක්වෙමු ! යන්න තේමා කොට ගනිමින් ඉතිහාසයේ පළමු වතාවට සියළුම මාධ්‍ය එක්ව ඒකාබද්ධ ක්‍රියාන්විතයකට මුලපුරා ඇත.
එනම් ලබන සෙනසුරා දිනයේ පෙ.ව10.00ත් 12.00 ත් අතර මුළු රටේම පුරවැසියෝ සිය නිවෙස් සහ අවට පිරිසිදුකරගැනිමට මුළපුරමින් ඩෙංගු මර්ධනය කිරිම සදහා ජාතික ක්‍රියාකාරි සැලැස්මකට පෙළගැසෙති.
මේ පිළිබදව ජනයා දැනුවත් කිරිම සදහා අද දිනයේ ( 2017/07/12) පෙ.ව 9 සිට පෙ.ව 11 දක්වා සියලුම රුපවාහිනි නාලිකා සහ ගුවන්විදුලි නාලිකා එක්ව දැනුවත් කිරිමේ ජාතික වැඩසටහනක් සජිවි ලෙසින් ඉදිරිපත් කිරිමට සැලසුම් කර තිබේ.
මේ  ජාතික ක්‍රියාන්විතය ගැන සැලසුම් කිරිම සදහා වන මුලික සාකච්ජාවක් 2017/07/11 වන දින ප.ව.1 ට ජනමාධ්‍ය අමාත්‍යංශයේදි පැවැත්විණි.

මෙම වැඩසටහන පිලිබදව සවිස්තරාත්මක සටහනක් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ පළකර තිබුණි
එය පහතින් දැක්වේ

ජාතික ව්‍යසනයක්ව පවතින ඩෙංගු රෝගය තුරන් කිරීමේ ජාතික වැඩසටහන යටතේ මුදල් හා ජන මාධ්‍ය අමාත්‍යංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන් සියලු මාධ්‍ය ඒකාබද්ධව මහජනතාව දැනුවත් කිරීම හෙට (12) සිට ආරම්භ කෙරේ.
මෙම වැඩසටහන පිළිබඳ විශේෂ සාකච්ඡාවක් මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් හා ජනමාධ්‍ය මාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (11) පැවැත්විණි.
ඒ අනුව මෙම වැඩසටහනේ පළමු පියවර යටතේ හෙට (12) පෙ.ව. 9.00 සිට පෙ.ව. 11.00 දක්වා සියලුම විද්‍යුත් මාධ්‍ය ආයතන අඛණ්ඩව ඩෙංගු ව්‍යසනය තුරන් කිරීම සඳහා නිවාස සහ අවට පරිසරය පිරිසිදු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව දැනුවත් කෙරෙන දීප ව්‍යාප්ත වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ පූර්ණ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන ඔස්සේ සියලු විද්‍යුත් මාධ්‍ය ආයතන සහ ජංගම දුරකතන සමාගම්වල සහයෝගය ද ලබා ගනිමින් ඩෙංගු රෝගය තුරන් කිරීම පිළිබඳ පණිවිඩය ජනතාව අතරට ගෙන යාමට අපේක්ෂා කෙරේ.
මෙහිදී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සිට සියලුම විද්‍යුත් මාධ්‍ය ආයතනයන්හි සහභාගීත්වයෙන් සිංහල භාෂා මාධ්‍යයෙන් ද, ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ දමිළ භාෂා මාධ්‍යයෙන් ද ඩෙංගු ව්‍යසනය තුරන් කිරීමේ පණිවිඩය සජීවීව මහජනතාව වෙත ලබා දීමට සැලසුම් කර තිබේ.
මෙම වැඩසටහනෙහිම මීළඟ වැඩසටහන ලබන 15 වන සෙනසුරාදා දින පෙ.ව. 10.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා සියලුම විද්‍යුත් මාධ්‍ය එකම වේදිකාවක සිට ඩෙංගු ව්‍යසනය තුරන් කිරීම සඳහා තම නිවස හා අවට පරිසරය පිරිසිදු කිරීමේ ජාතික වැඩසටහනක් මෙහෙයවීමට ද කටයුතු යොදා ඇත.
එසේ ම ලබන 19 වන බදාදා දින පාසල් හා කාර්යාල පරිශ්‍ර පිරිසිදු කිරීම ඉලක්ක කර ගනිමින් ඩෙංගු ව්‍යසන මර්දනය කිරීමේ වැඩසටහනක් සියලුම විද්‍යුත් මාධ්‍යන්ගේ දායකත්වයෙන්  සිදු කිරීමට ද නියමිතව ය.
මෙවැනි ජාතික කර්තව්‍යයක් සඳහා සියලු මාධ්‍ය එක්ව කටයුතු කිරීම විශේෂත්වයක් වන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

 

Comments

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article