Sunday, May 5, 2024

14 වනදා පාර්ලිමේන්තුව ගැන තානාපති අංශ දැඩි අවධානයක.

Must read

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නොවැම්බර් 14 වනදා කැඳවූවද එහිදී උද්ගතව ඇති අර්බුදය විසඳානොගෙන යළි කල් තැබීමේ සූදානම පිළිබඳ විදෙස් රටවල තානාපති අංශ දැඩි අවධානයකින් පසුවන බව වාර්තා වෙයි.

එහිදී ඔවුන්ගේ ස්ථාවරය වී තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකර පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන පාර්ශවයේ අදාළ ජනතා නියෝජිතයාට අග්‍රාමාත්‍ය ධුරය ලබාදී ලංකාවේ මතුව තිබෙන දේශපාලන අස්ථාවරත්වය වහාම විසඳාගතයුතු බවය.

එසේම ව්‍යවස්ථාව උල්ලංඝනය වන පරිදි තව දුරටත් කටයුතු කළහොත් ලංකාව සම්බන්ධව බරපතල තීන්දු කිහිපයක් ගැනීමට එම රටවල් තීරණය කර ඇති බවද වාර්තා වෙයි.

ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිතව පැවති රටක මතුව ඇති මේ අර්බුදය නරක පුර්වාදර්ශයක් බවත් ජනතාව සහ රාජ්‍ය අතර තිබෙන මුලික ගිවිසුම වන ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම ශිෂ්ට සමාජයක ලක්ෂණයක් නොවන බවද ඔවුන්ගේ තක්සේරුව වී තිබේ.

එසේම රටේ දේශපාලන අර්බුදයක් මතුවන ආකාරයට සිදුකරගෙන තිබෙන ආණ්ඩු මාරුව හමුවේ මෙරට මානව හිමිකම් කඩවීම ඇතුළුව සංහිඳියා ක්‍රියාවලිය අර්බුදයට යාමේ අවධානම ගැනද ඔවුන්ගේ අවධානය යොමුව ඇත.

සිරිසේන ජනාධිපතිගේ නොතකා හැරීම ! 

මේ පිළිබඳව රටවල් රැසක් ජනාධිපති සිරිසේන දැනුවත් කර තිබෙන නමුත් ඔහු ඒ කිසිවක් නොතකා හැරීම සම්බන්ධවද අවධානය යොමුව තිබේ.

තවද මේ වන විටත් කතානායක කරු ජයසුරිය නිවේදනයක් නිකුත් කරමින් නොවැම්බර් මස 14 වනදා පාර්ලිමේන්තුවේ  සාමාන්‍ය කටයුතු නිමවීමෙන් අනතුරුව ස්ථාවර නියෝග අත්හිටුවා ස්ථාවර රජයක් පිහිටුවීමට අති හැකියාව පිළිබඳව බහුතර මතය ප්‍රකාශකිරීමට අවස්ථාව සැළසිය යුතු බවට සිය ස්ථාවරය දක්වා ඇත.

මේ සම්බන්ධව කතානායක කාර්යාලය නිල නිවේදනයක්ද නිකුත් කොට ඇති අතර ඒ පිළිබඳ ද විදෙස් තානාපති අංශ දැඩි අවධානයෙන් පසුවේ.

ඕස්ට්‍රේලියානු තානාපතිගේ ට්වීටර් පණිවිඩය !

ඊට අදාළව මේ වන විටත් මෙරට ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා ට්වීටර් සටහනක්ද තබා ඇති අතර එය පහත දැක්වේ.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකාවගේ දැනුම්දීම ! 

එසේම පවතින දේශපාලන අර්බුදය විසඳීම සඳහා වහාම පාර්ලිමේන්තුව නැවත කැඳවීමට පියවර ගන්නා ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය යළිත් වරක් ජනාධිපති සිරිසේනගෙන් ඉල්ලීමක් කර තිබේ.

පාර්ලිමේන්තුව කැඳවීම ප්‍රමාදවීම තුළින් ශ්‍රී ලංකාවේ  කීර්තියට හානි සිදුවන අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා හේදර් නයර් මහත්මිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.

එම ට්වීටර් සටහන පහත දැක්වේ.

රට තුළ යහපාලනය හා ස්ථාවරත්වය ඇති කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකාව පෙන්වාදී තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ කණස්සල්ලට පත්ව සිටින බව බ්‍රිතාන්‍යයද  පවසයි.

බ්‍රිතාන්‍යයේ ආසියා හා පැසිෆික් කලාපීය අමාත්‍ය මාර්ක් ෆීල්ඩ් මහතා පෙන්වා දෙන්නේ බ්‍රිතාන්‍ය කටයුතු කරනු ලබන්නේ රජයන් සමඟ නොව රාජ්‍යයන් සමඟ බවයි.

බ්‍රිතාන්‍ය රජය  ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස පිළිගනු ලබන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට එල්ල වූ පැනයකට පිළිතුරු ලබාදෙමින් මාර්ක් ෆීල්ඩ් මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පවතින දේශපාලනික ගැටලුව නිරාකරණය කරගන්නා ලෙස තමන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගෙන් සහ කථානායකවරයාගෙන් ඉල්ලා සිටි බව ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.

කතානායක දැඩි තීන්දුවක !

එසේම පාර්ලිමේන්තුව කැඳවීමට නියමිත එළැඹෙන නොවැම්බර් මස 14 වන දින පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රය පිළිබඳව තීරණය කිරීම සඳහා පක්ෂ නියෝජිතයන්ගේ නිල නොවන හමුවක් කථානායක කාර්යාලයේ දී පැවැත්විණි.

එදින න්‍යායපත්‍රය පිළිබඳව එජනිස කණ්ඩායමේ ස්ථාවරය වූයේ පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින්  ජනාධිපතිගේ  කැඳවීමේ නියෝගය සභාව වෙත කියවීමෙන් පසු දව‍සේ වැඩකටයුතු අවසන්කර එදිනට සභාව කල්තැබිය යුතු බවයි.

අනෙකුත් පක්ෂ නියෝජිතයන් එම මතයට ප්‍රතිවිරුද්ධ අදහසක් දැරූ අතර එම පාර්ශවය විසින් පෙන්වාදෙන ලද්දේ එදිනට නියමිත වැඩකටයුතුවලට අමතරව ස්ථාවර රජයක් පිළිබඳව බහුතර‍යේ මතය පාර්ලිමේන්තුව තුළ විමසා බැලිය යුතු බවයි.

දෙපාර්ශවයටම සවන්දුන් කථානායකවරයා ස්වකීය ස්ථාවරය ප්‍රකාශයට පත්කරමින් සඳහන් කළේ මන්ත්‍රීවරුන් 116 දෙනෙකු විසින් ලිඛිතව මින් පෙරද තමා වෙත ලබා දී ඇති පාර්ලිමේන්තුවේ බහුතරයේ මතයට අනුව කටයුතු කරමින් එදිනම සාමාන්‍ය කටයුතු නිමවීමෙන් අනතුරුව ස්ථාවර නියෝග අත්හිටුවා ස්ථාවර රජයක් පිහිටුවීමට අති හැකියාව පිළිබඳව බහුතර මතය ප්‍රකාශකිරීමට අවස්ථාව සැළසිය යුතු බවයි.

දැනට පවතින ව්‍යාකූල තත්වය හේතුවෙන් ජනිතව ඇති විදේශ ආයෝජන ක්ෂේත්‍රයෙහි හා කොටස් වෙළඳපොලහි බිඳවැටීම මෙන්ම ආර්ථිකයට සිදුවෙමින් පවතින අහිතකර බලපෑම් ද කඩිනමින් සමනය කර ශ්‍රී ලංකාව පිළිබඳ විශ්වාසනීය තත්වයක් එතුළින් ගොඩනගාගත හැකිවනු ඇතැයි කථානායකවරයා අවධාරණය කර ඇත.

infosrilankanews.info

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article