Saturday, May 18, 2024

ජනපති සිරිසේනගේ තුරුම්පු කථාව සහ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම !

Must read

jaye 1රාජ්‍ය නායකයෙකු විසින් දියත් කරන්නට යෙදුන ව්‍යවස්ථා විරෝධි කුමන්ත්‍රණයේ ප්‍රථිපල ලෙසින් දිනෙන් දින මේ රට අර්බුදයකට යමින් තිබේ.
මේ අර්බුදයෙන් ගොඩ යා හැකි එකම මග ලෙස මේ වනවිටත් රටපුරා  නැග එමින් ඇති සකලාකාර විරෝධාන්ගෙන් මෙන්ම ලෝකයේ සි්‍යළුම ප්‍රබල රටවල් සහ ජගත් සංවිධාන පවා කියා ඇත්තේ පාර්ලිමේන්තුව කැදවා ව්‍යවස්ථාවට අනුව අර්බුදය විසදා ගන්නා ලෙසය.
එහෙත් රටටත් ලෝකයාටත් එරෙහිව යමින් දැන් ජනපති සිරිසේන කියා සිටින්නේ තමන් ඇද්දේ එක තුරුම්පුවක්බ බවත්  තවත් අදින්න තුරුම්පු  ඇති බවත්ය.
එපමණක් නොව තමන් ගත්තු තින්දු කිසිලෙසකින් වත් ආපසු හරවන්නේ නැති බවද කියා සිටියි.
ඊයේ පැවති ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාවේදි මේ කථා සියල්ල පවසා ඇතැයි සැලය.
මින් කියැවෙන්නේ කුමක්ද ?
ලෝකයේ රාජ්‍ය නායකයෙකු විසින් කුමන්ත්‍රණයක් දියත් කරමින්  ව්‍යවස්ථාවට එරෙහිව කටයුතු කරන ලද උදාහරණ මෑත ඉතිහාසය තලු නැතිතරම්ය.
ජනපති සිරිසේන දැන් උජාරුවෙන් කියා සිටින්නේ තමන් විසින් තව තවත් ව්‍යවස්ථා විරෝධි කටයුතු කිරිමට සුදානම් බවය.
මෙතෙක් ගනු ලැබු තින්දු ආපසු හරවන්නේ නැතිව තවදුරටත් ඒ අඩිපාරේම ඉදිරියටත් යනවා කියන්නේ මේ රටේ ප්‍රජතන්ත්‍රවාදයේ මළගම මිස අන් කිසිවක් නොවේ.
යහපාලනය ස්ථාපිත කිරිමට සකලාකාර මර්ධනයන් මැද සිරිසේන මහතාව පොදු අපේක්ෂකයා ලෙසින් රටපුරා ගෙනයමින් විවිධ දේශපාලනික කැපකිරිම් සහ මැදිහත්විම්  කරන ලද 62 ලක්ෂයක් ජනතාවට අද ජනපති සිරිසේන කියන්නේ අඩෝ මම තවත් ප්‍රජාතන්ත්‍ර විරෝධි වැඩ කරන බවය.
එසේ නම් මේ රටේ 62 ලක්ෂයක ජනතාව දැනමත් රටපුරා විදි බැස කියන්නට පටන් ගෙන ඇතිවා සේ වලන් කාරයාගේ අවුරුද්දක වැඩ පොලුකාරයට එක දවසක් ලෙසින් කරන්නට යෙදි ඇති මේ විනාශයට සහ එකාධිපති වියරුවට එරෙහිව කොන්දේසි විරහිතව පෙළගැසිම අද යුගයේ අංක එකේ වගකිම වන බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article