Monday, April 29, 2024

මෛත්‍රි ඉවත් කිරිම පිටුපස ඇති ගේම් ප්ලැන් එක කාගේද ?

Must read

තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව සමග එකතු කරවීමට බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියයි.

ඔහු මේ බව පැවසුවේ එම වාරණ නියෝගය ලැබීමෙන් පසු ඔහුගේ නිවසේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.
මෛත්‍රිපාල සිරිසේන විසින් සන්ධාන හැදිමට ගනිමින් තිබුන උත්සාහයන් දැන් රිවස් ගොස් ඇත

මේ අතර සමගි ජනබලවේගයේ සන්ධාන හැදිල්ල ගැනද තිස්ස අත්තනායක සජිත්ට දේශපාලන පාඩමක් කලාක් මෙන් ප්‍රසිද්ධියේම මාධ්‍ය වෙත  අදහස් පළකර තිබුණි.

දේශපාලන කරලියේ උඩ තලයේ සිදුවන දේවල් මොනව වුවද ඇත්ත දේශපාලනය ක්‍රියාත්මක වෙමින් ඇත්තේ යටි තලයේය. ගේම් කියන්නේ ඒවාටය.
2015 දි ක්‍රියාත්මක වුයේද එවැන්නකි. රාජපක්ෂලාට හිතාගන්නටවත් බැරි ආකාරයේ ගේම් ප්ලැන් එකක් එදා ක්‍රියාත්මක විය.

අරගලය යනු තවත් ගේම් ප්ලැන් එකකි. එය කලින් සකස් කරන ලද පිටපතකට අනුව ක්‍රියාත්මක විය.

මතුපිට තලයේ රැලි කොතෙකුත් තිබිය හැක. ලංකාව වැනි රටවල් වලට අදාලව  ජාත්‍යන්තර විසින්  සකස් කර ඇති ගේම් ප්ලැන් එක සමහර විට තිබිය හැක්කේ මේ සියල්ලට ඉහලිනි.

මේ ඇදෙන ඉත්තන් කැපෙන ඉත්තන් යනු කාගේ ගේම් ප්ලැන් එකක  තුල ක්‍රියාත්මක වෙමින් ඇති සැලැස්මක්දැයි අපට  දැගන්නට නම් එයට දේශපාලන ඉවක් තිබිය යුතුය. කාලයට ඉඩ දිය යුතුව තිබේ.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article