Sunday, May 19, 2024

හෙට අර්ධ සූර්‍යග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාව

Must read

හෙට (25) සවස අර්ධ සූර්‍යග්‍රහණයක් දැකගැනීමේ අවස්ථාව හිමි වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂක මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

මෙම අර්ධ සූර්‍යග්‍රහණය යුරෝපය, උතුරු අප්‍රිකාව,මැදපෙරදිග සහ ආසියාවේ බටහිර ප්‍රදේශ බොහෝමයකට දිස්වන අතර ශ්‍රී ලංකායේ යාපනය හා කොළඹ ප්‍රදේශවලදී මෙම අර්ධ සූර්‍යග්‍රහණය දැකගැනීමට හැකි බව මහාචාර්යවරයා සඳහන් කරයි.

ඒ අනුව යාපනය නගරයට පස්වරු 5.27 සිට මිනිත්තු 22ක කාලයක් සහ කොළඹ නගරයට පස්වරු 5.43 සිට මිනිත්තු 9ක කාලයක් මෙම අර්ධ සූර්‍යග්‍රහණය දිස්වීමට නියමිතය.

(එසැණ)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article