Saturday, May 18, 2024

හමුදා නිලධාරීන්ව ආරක්ෂා කිරීමෙන් (OMP) ගැන දෙමළ ජනතාවගේ විශ්වාසය බිඳෙන්න පුළුවන් – කේ. ඩබ් ජනරංජන

Must read

 
janaya

අතුරුදන් වුවන්ගේ කාර්යාලය (OMP) පිහිටෙව්වම එහි වින්දිතයන් වූ දෙමළ ජනතාව මෙය දිහා බැලුවේ, අවිශ්වාසයෙන්. තාමත් රාජ්‍ය යාන්ත්‍රණය කෙරෙහි දෙමළ ජනතාවගේ විශ්වාසය දිනාගන්න බැරිවෙලා තියෙනවා. දැන් ජනාධිපතිවරයා හමුදා නිලධාරීන්ව ආරක්ෂා කිරීම සඳහා ප්‍රසිද්ධියේ පෙනී සිටීම හරහා නැවත වරක් මේ දෙමළ ජනතාවට තිබෙන අංශු මාත්‍රයක හරි විශ්වාසය නැතිවෙන්න පුළුවන් බව මාධ්‍යවේදී කේ. ඩබ් ජනරංජන මහතා පවසයි.

තවද, “ මේ වන විට සමහර දේශපාලන පක්ෂ කියනවා යුධමය අභිමතාර්ථ සාධනය කරන්න කරපු දේවල් වලට සමාව දෙන්න ඕන කියල. සමාව දෙනවද නැද්ද කියන කාරණය තීන්දු කිරීමේ බලය තියෙන්න ඕන බලය තියෙන්නේ ආණ්ඩුවට නෙමේ, මේ යුද්ධයෙන් පීඩාවින්ද ජනතාවට. අනෙක් අතින් අපි මේ කතා කරන, කොළඹ දී තරුණයන් 05 දෙනෙක් ඇතුළු 11 දෙනෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්කිරීම, ලසන්ත ඝාතනය, කිත් නොයාර්ට හා උපාලි තෙන්නකෝන්ට පහර දීම, වැනි කාරණා යුදමය අභිමතාර්ථයන් වෙනුවෙන් කරපු දේවල් නෙමේ.” යැයි ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

ඒ පසුගිය 17 වැනිදා පුරවැසි බලය සංවිධානය විසින් සංවිධානය කර තිබූ ප්‍රවෘත්ති සාකච්චාව අතරතුරදීය.

එම අදහස් පහතින්…
aithiya.lk

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article