Saturday, May 4, 2024

ජයතිලක බණ්ඩාර ,ගී රසවින්දන සහ තවත් අය !

Must read

පුංචිකුලම විදුහල පහසුකම් අඩු පාසැලක්.
වීඩියෝ දර්ශන සඳහා මේස රෙදි වලින් තිර එල්ලා ඔවුන් දැඩි ආලෝකය සීමා කලා.
ගුරුවරුන් හැකි පමණින් ප්‍රණීත ආහාර පාන අපවෙත ලබා දුන්නා.ඒ විතරක් නොවෙයි.දුප්පත් දෙමව්පියන් එක්වී අපිට මඟවියදම් ලබා දුන්නා.අපිට එය දරා ගන්න අමාරුයි .නමුත් අපේ දුප්පත්කම ,ඒ මඟ වියදම් ගන්නට අපව පෙලබෙව්වා.කමක් නැහැ ආදරනීය මිනිසුනි,දුෂ්කරතා මැද අකුරු කරන දරුවනි.නැවත පුළුවන් වෙලාවක ගී රසය බෙදන්නට අපි නැවත එන්නම්

No automatic alt text available.
42280334_1915771195180010_4453295308247400448_nඉහත සටහන උපුටා ගැනුනේ ජයතිලක බණ්ඩාරගේ මුහුණු පොතෙන් . අපි දන්න කාලේ ඉදන් මේ වගේ තැන් කවදාවත් ජයේලාගේ ගි රසවින්දන වැඩ සටහන් වලින් මගඇරුනේ නැ පහසුකම් නැතිකම නිසා හෝ නොලැබෙන පහසුකම් හින්ද .
ඒක තමයි පට්ටම ඇත්ත.
දැන් තවත් අය ගි රසවින්දන කරන්න පටන් අරන් තියෙනවා. මේ අය නම් තියෙන ලොකු පොරවල් . ඒ හින්දම ඒ අයගේ රැස් වළලු යට කැරකැවෙන්නේ නැත්තේ කව්ද ?42397294_1915771371846659_3860973688396447744_n42204015_1914435671980229_3502056405479718912_n42308483_1914435741980222_4570210773380366336_n
මාධ්‍යවලත් වැඩි ඉඩක්. කලාවට ලැදි ඇත්තෝ ඇත්තියෝත් කාන්දම් වගේ මේ අය වටේ කැරකෙන හැටි දැන් මුහුණු පොතෙන් අපි හරියට දකිනවා.
හැබැයි මේ අති බහුතරයක් නොදන්න ඇත්තක් අපි දන්නවා අපි කලාකාරයෝ නොවුනත් . ඒ තමයි මේ රැස් විහිදෙන ගී රසවින්දන නයුවන් එක්තරා කාලෙක එයාලගේ ජිවිත ලිට්මස් පරික්ෂණ වලින්ම එයාල කව්ද කියල රටටම හෙළිදරව් කරගත්ත හැටි.
පසුගිය රජය කාලේ මේ සමරහක් ලග නවපු හැටි දැක්කම අයියෝ  අපට නම් දැනෙන්නේ හිරිකිතයක් .
මේ සමහරක් ලොකු පොරවල් වලට රාජපක්ෂලා රස්සාවල් නැතිකරල ඉන්න කොට  අපි පාරවල් ගානේ ගිහින් පොස්ටර් ගහල ජයතිලක බණ්ඩාරල අජිත් පැරකුම්ලා කොටුව දුම්රිය පළ ඉදිරිපිට විරෝධතා සිංදුත් කිව්ව නේද කියල මතක් වෙද්දි පව් කියල හිතෙන්නේ අපි ගැනමයි.
කලාකරුවෙක් කියන්නේ මනුස්සකම් තියෙන කෙනෙක් නම් රාජපක්ෂලාගේ යුගයේ රැස්වලින් ගිණිකණ වැටිලා අපි අනාථ වුනා මල්ලි කියල හොද සිහියෙන් කියන්න බැරිනම් කුණු වෙන්න වෙරි වෙච්ච වෙලාවකවත් කියල ඉවර කරගන්න ඕනේ .
එහෙම වුනොත් අන්න පොරවල් . කාටද වරදින්නේ නැත්තේ ..එහෙම නැත්නම් අයියේ කියල කරේ අත දාන කට්ටිය කෙලින් කියන්න බැරි නම් කර්පට් වෙච්ච වෙලාවකවත් කියන්න ඕනේ අයියේ උඹ රාජපක්ෂලාගේ කාලේ අභිමානය ගගේ ඇරගත්ත නේද කියල
එත් එහෙම වෙලත් නැතිව ඇති.
දැන් මේ සේරම ඒ හැමෝටම අමතකයි . හැබැයි අපට මතකයි මොකද කොළඹට එළිය වැටිලත් පාප්ප ගෑවිච්ච ඇදුම් ඇදන් අපි පෝස්ටර් ඇලවිල්ල නවත්තල නොතිබුණ නිසා ..
අන්න ඒ හින්දයි ජයතිලක බණ්ඩාරලගේ ගී රසවින්දනයයි තවත් ලොකු පොරවල් වල ගි රසවින්දනයි අතර වෙනස අපි ලකුණු කළ යුතුව ඇත්තේ …
හැබැයි මේ වෙනස තේරුම් නොගෙන රැස්වළලු වලින් ගිණිකණ වැටුන කාලරිට්ස්ලට ජයේ කියන්නේ පොඩි පොරක් .හැබැයි ජිවිත ලිට්මස් පරික්ෂණයෙන් ෆේල් වෙච්ච සමහරක් ඔස්තාර්ලා ගැන හිතන් ඉන්නේ ලංකාවටම එකයි කියල.
හැබැයි අපිත් එහෙම හිතුවා ඒ හින්ද තමයි පාරවල් දිගේ පෝස්ටර් ගහල රාජපක්ෂ පාලනයට එරෙහි වෙමින් එදා නැතිකරපු  රස්සාව නැවත දෙන්න කියල විරෝධතාවයේ යෙදුනේ ..
හැබැයි  අපි දන්නව ලංකාවටම එකයි කියල කියන්න ඉන්නෙ ජයතිලකලා වැනි අය විතරයි කියල…..
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article