Tuesday, September 15, 2026
spot_img

සුපිරි මෝටර් රථයකින් එළුවන් හොරකමේ ගිය අයෙක් පොලිසියට කොටුවෙයි….

Must read

සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් විසින් පාර අසල තණ කමින් සිටි එළුවෙකු පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ලැබුන පැමිණිල්ලක් මත සිදුකරන්නට යෙදුන පරික්ෂණ වලදි ආදල සැකකරුවා අත්අඩංගුවට ගැනිමට පොලිසියට හැකිව තිබුණි.

එසේ අත්අඩංගුවට ගනු ලැබුනේ ඒ අසල වු සිසිටිවි කැමරා ඇසුරෙන් කරන්නට යෙදුන පරික්ෂණ වල ප්‍රතිළුලයක් ලෙසිනි.

මෙම සිදුවීම පසුගිය 6 වන ඉරිදා සවස කල්මුනේ පොලිස් කොට්ටාශයේ  මරුතමුනෙයි ප්‍රදේශයේදී සිදුව තිබේ

මේ පිළිබදව එළුවාගේ අයිතිකරු විසින් පැමිණිලි කිරිමෙන් අනතුරුව වීථියේ සවිකර ඇති නිරීක්ෂණ කැමරාවක මෙම දර්ශන පටිගත කර තිබිම හේතුවෙන්  අදාල මෝටර් රථය හඳුනාගෙන තිබුන අතර එළුවා මරා දැමීමට සූදානම්ව සිටියදී සොයා ගන්නා ලදී. මෝටර් රථය අත්අඩංගුවට ගෙන ඇති අතර එක් කොල්ලකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධියෙන් අත්අඩංගුවට ගත් සැකකරු කල්මුනායි මහේස්ත්‍රාත් අධිකරණය විසින්  දින 14 ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කෙරෙණි

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article