Wednesday, May 15, 2024

සීමානිර්ණ කමිටු වාර්ථාව පාර්ලිමේන්තුවේදි පරදි !

Must read

parliament-of-sri-lanka(6.45 pm ) පලාත් සභා මැතිවරණ සීමානිර්ණ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් පරාජයට පත්ව තිබේ.
ඡන්ද විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ රැදී සිටි මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාව 139 ක් වන අතර ඔවුන් සියලුදෙනා වාර්තාවට විරුද්ධව ඡන්දය ප‍්‍රකාශ කර තිබේ.
විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ද වාර්තාවට විපක්ෂව ඡන්දය ප‍්‍රකාශකර තිබුණි /
ආණ්ඩු පක්ෂ විපක්ෂ සියලු මන්ත‍්‍රීවරු විරුද්ධව ඡන්දය ප‍්‍රකාශ කළ වාර්තාවක් ලෙස පලාත් සභා සීමානිර්ණ වාර්තාව පාර්ලිමේන්තු ඉතිහාසයට එක්වීම විශේෂත්වයකි.
සුඵ ජාතින්ට හානියක් නොවන පරිදි මැතිවරණ පැවැත්විය යුතු බව ඇමති රාවුෆ් හකිම් මහතා අවධාරණය කර තිබුණ අතර ඇමති මනෝ ගනේෂන් මහතා කියා තිබුනේ  මෙම වාර්තාව ප්‍රතික්ෂේප කරන බවය.
සුදුසු මැතිවරණ ක්‍රමයක් අවශ්‍ය බව ද ඔහු ප්‍රකාශ කොට තිබේ.
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතුය යන්න පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ස්ථාවරය විය. පාර්ලිමේන්තු මන්ත්‍රි ඩග්ලස් දේවානන්ද මහතා පැවසුවේ පළාත් සභා ක්‍රමය ජනතාවට ලැබුණු ස්වර්ණමය අවස්ථාවක් බවය. එය පෞද්ගලික අවශ්‍ය.තා වෙනුවෙන් නොව ජනතා මෙහෙවෙර උදෙසා යෙදවිය යුතු බව ඔහු සදහන් කළේය.
මෙම කොට්ඨාස නිර්ණය අසාර්ථක හා අසාධාරණ එකක් බව නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාර මහතා පැවසිය. පැරණි මැතිවරණ ක්‍රමය වඩාත් සුදුසු බව ඔහු සදහන් කළේය. පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විමේ අවශ්‍යතාව ද ඔහු පෙන්වා දුන්නේය.
පාර්ලිමේනත් මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා විවාදයට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණ නිරතුරු ජනතාව්ග ඡන්ද අයිතිය වෙනුවෙන් පෙනි සිටින බව පැවසිය .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article