ප්‍රවින මාධ්‍යකරුවෙකු වු ධර්මරත්නම් සිවරාම් හෙවත් තාරකීගේ 11 වන ඝාතන අනුස්මරණය වෙනුවෙන් සැමරුම් වැඩසහටන් 3 ක් යාපනය කොළඹ සහ අම්පාරේදි සංවිධානය කොට තිබුණි.
අප්‍රේල් 29 වනදා සවස 3.30 ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් සිහිකිරිම සදහා යාපනය නගර මධ්‍යයේ ඉදිකර ඇති ස්මාරකය අභියසින් මේ එක් වැඩසටහන් ආරම්භ කරන්නට යෙදුන අතර එය සංවිධානය කොට තිබුනේ යාපනය මාධ්‍ය සමාජය ,නැගෙනහිර මාධ්‍ය එකතුමුතුව සහ මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුවට විසිනි.
එදින ම පෙරවරුවේ කොළඹ කොටුවේදි මාධ්‍ය සංවිධාන විසින් සංවිධානය කරන්නට යෙදුන උද්ඝෝෂණයක් පැවැතිණි.
අප්‍රේල් 30 වනදා අම්පාරේදි සිවරාම් සමරු වැඩසටහන සංවිධානය කර තිබුනේ අම්පාර මාධ්‍ය එකතුව විසිනි.