Wednesday, May 15, 2024

ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් සැමරිමේ සංස්කෘතියක් නැවතත් ඇරඹේ !

Must read

siva evnt mathanඝාතනයට ලක්වු මාධ්‍යවේදින් සැමරිමේ සංස්කෘතියක් පසුගිය වසරක පමණ කාලය තුල දි ඇරඹි තිබේ.
මෑත ඉතිහාසය තුල මේ සංස්කෘතියට මුල පිරිම සදහා උතුරේත් නැගෙනහිරත් දකුණේත් මාධ්‍ය සංවිධානය ඒකාබද්ධව මුලිකත්වය ගැනිම මෙහිදි කැපිපෙනෙන විශේෂත්වයයි.
මෙහි මැතකාලින ආරම්භය සනිටුහන් වන්නේ වසර 2015 දි සිවරාම් ඝාතනය කොට වසර 10 ක් ගෙවුණු තැන ඔහු සමරා මඩකලපුවේදි ඇරඹි සැමරුම් වැඩසටහනත් සමගින්ය.
මෙම වැඩසටහන යාපන මාධ්‍ය සමාජයත් ,නැගෙනහිර මාධ්‍ය එකමුතුවත්,මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුවත් ඒකාබද්ධව සංවිධානය කොට තිබුණි.siva 2
ශ්‍රිලංකාව තුල පැවැති එකම සැමරුම වුයේද මෙයයි.
එමෙන්ම වසර 2016 ජනවාරි 24 වනදා කල්මුණේදි  මාධ්‍යවේදි සුගිර්තරාජන්ගේ 10 වන ඝාතන සමරුව සංවිධානය කිරිමටද පියවර ගැනිම මෙහිදි කැපි පෙනුන තවත් විශේෂත්වයකි.sugi 7
මෙලෙස ඇරඹි සැමරුම් සංස්කෘතිය අද වන විට කොළඹ කේන්ද්‍රිය මාධ්‍යවේදින් කොටුව දුම්රිය පළ ඉදිරිපිට කැදවන තත්වයක් දක්වා වර්ධනය වි තිබේ.
සුනන්ද දේශප්‍රිය විසින් ටුවිටර් පණිවිඩයක් සිය පිටුවේ සටහන් තබමින් පසුගිය දිනක කියා තිබුනේ සිවරාම් සැමරිම සදහා වසර 11 කට පසුව යාපනයට වඩා කොළඹට මාධ්‍යවේදින් රැස්ව සිටි බවය.
ඔහු ඉන් කියන්නට අදහස් කරන්නේ කුමක්දැයි හරි හැටි පැහැදිලි නැතත් සිවරාම් සැමරිම සදහා දකුණේ උනන්දු කොටස් ගැන ඔහු යමක් කියන්නට උත්සාහ කර තිබෙන බව ඉන් පෙනේ .වැඩි දෙනෙකුගේ ප්‍රතිචාරයන්ට බදුන් නොවු මෙම ප්‍රකාශය ගැන එක් අයෙකු සරල එහෙත් කදිම කෙටි සටහනක් තබා තිබුණි.
ඔහු කියා තිබුනේ යාපනයට වඩා කොළඹ මාධ්‍යවේදින් වැඩි නිසා එසේ වන්නට ඇතැයි යන්නයි.
එහෙත් කොළඹදි බොහෝ දුරට සිදුවන්නේ උද්ඝෙෝෂණ පුවරු දරා සිටින මාධ්‍යවේදින්ට වඩා විශාල පිරිසක් එකි උද්ෙඝා්ෂණය වාර්තා කිරිමට පැමිණිමය.
පසුගිය 29 වනදා කොළඹ පැවැති විරෝධතාවයද මේ නියමයෙන් බැහැරට නොගිය බව අපේ විශ්වාසයයි.
දකුණේ ලසන්ත මෙන්ම නැගෙනහිර සිවරාම්ද ගැන අප මාධ්‍ය ක්ෂේත්‍රය තුල කථා කරද්දි නැගෙනහිර වන තවත් ජේෂ්ඨ මාධ්‍යවේදියෙකු වේ .
ඔහු නඩේසන්ය.
මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුව විසින් 2015 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයට කලින් රටපුරා යමින් පවත්වන්නට යෙදුන විරෝධතාවන්හිදි විශේෂයෙන්ම මඩකලපුවේ පැවැති විරෝධතාවයෙදි නඩේසන් විශේෂ කොට සැමරිම සදහා නැගෙනහිර මාධ්‍ය එකමුතුව පියවර ගෙන තිබුණිBanner campaign
නඩේසන් ඝාතනය කොට 2016 මැයි 31 වන දිනට වසර 12 ක් සපිරේ.
නැගෙනහිර මාධ්‍ය එකමුතුවත් මුලිකත්වය යටතේ යාපනය මාධ්‍ය සමාජයත්, මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුවත් එක්ව 2016 මැයි 29 වනදා මඩකලපුවේදි මාධ්‍යවේදි නඩේසන් සැමරිම සදහා කටයුතු සුදානම් කරගෙන යමින් තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article