Monday, May 6, 2024

කිලිනොච්චි මාධ්‍යවේදියාගේ කැමරාව කැඩු කර්නල් වන්දි ගෙවා සමාව ගනියි !

Must read

niborjan2016 අප්‍රෙල් 12  A 35 පරන්තන් පුනගරි මාර්ගයේ සිදුව තිබුන අනතුරක් වාර්තා කරන්නට ගිය මාධ්‍යවේදියෙකුට එම අවස්ථාව ආවරණය කරන්නට ඉඩනොදි හමුදා කර්නල්වරයෙකු විසින් තර්ජනය කළ සිදුවිමක් අප වාර්ථා කලෙමු.
එස්.එන් නිබෝජන් නැමැති මාධ්‍යවේදියා එදින රාත්‍රියේ හමුදා වතුර බවුසරයක් සහ ටිපර් රථයක් ගැටිමෙන් සිදුව තිබුන අනතුර වාර්තා කරමින් සිටියදි එම ස්ථානයට සිවිල් ඇදුමෙන් පැමිණ සිට හමුදා කර්නල්වරයෙකු ලෙසින් තමන්ව හදුන්වාගත් අයෙකු විසින් අනතුරු වාර්තා නොකරන ලෙස තර්ජනය කරමින් මාධ්‍යවේදියාගේ විඩියෝ කැමරාව බලහත්කාරයෙන් උදුරාගෙන එහි පටිගතව තිබුන සියළු දර්ශන මකා දමා තිබුණි.
මෙහිදි කැමරාවේ ලෙන්ස් එකටද බරපතල හානි සිදුව තිබුණි.
මේ සිදුවිම සම්බන්ධයෙන් නිබෝජන් විසින් එදිනම  රාත්‍රි 10.30 ට පමණ කිලිනොච්චි පොලිස් ස්ථානයට පැමිණිලි කොට තිබුන අතර ඒ පැමිණිල්ල පුනගරි පොලිස් ස්ථානය වෙත යොමුකිරිමට කටයුතු කරන ව කිලිනොච්චි පොලිසියේ නිළධාරියෙකු  දන්වා ඇතැයි කිලිනොච්චි මාධ්‍ය එකමුතුවේ ලේකම් තමිල් සේලවම් මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුව වෙත අද පවසා තිබුණි.

මේ ගැන ක්‍රියාත්මක වු මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුවේ නිළධාරින් විසින් කිලිනොච්චි පොලිසියෙන් මෙන්ම පුනගරි පොලිසියෙන්ද විමසා සිටි අවස්ථාෙව්දි ඔවුන් පොරොන්දු වුයේ දින කිපයක් ඇතුළුත මේ ගැන විමර්ශන සිදුකොට අදාල මාධ්‍යවේදියාට සාධාරණයක් ඉටු කරන බවය.
මෙසේ පොරොන්දු වු පරිද්දෙන්ම ක්‍රියාත්මකව තිබුණ පොලිසිය ආදල කර්නල්වරයා කැදවා අලාභ හානි වු කැමරා අම්පන්න වලට වන්දි මුදලක්ද ගෙවා මාධ්‍යවේදියාගෙන් සමාව ගෙන ඇතැයි වාර්තා වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article