Saturday, May 18, 2024

සෑම වසරකදීම ලොවපුරා ළමා විවාහ මිලියන 12ක්..

Must read

සෑම වසරකදීම වයස අවුරුදු 18 අඩු දැරියන් මිලියන 12ක් විවාහ වන බව එක්සත් ජාතීන්ගේ වාර්ථා  සදහන් කරයි. එලෙසම යුනිසෙෆ් සංවිධානය මගින් පසුගිය සතියේ නිකුත් කල වාර්ථාවන්ට අනුව මේ වන විට ලොව පුරා සිදුවන ළමා විවාහ ප්‍රතිශතයේ යම් අඩුවීමක් වාර්ථා වූවත්  මේ වන විට පවතින සංඛ්‍යාලේඛන වලට අමතරව වයස අවුරුදු 18 අඩු ළමුන් තවත් මිලියන 150ක පමණ ප්‍රමාණයක් වසර  2030 වන විට විවාහ කරවනු ඇත.

මේ සම්බන්දයෙන් අදහස් දක්වන යුනිසෙෆ් සංවිධානයේ ප්‍රධාන උපදේශක අංජු මල්හෝත්‍රා මහත්මිය පවසන්නේ ළමුන්ගේ ළමා කාලය සොරකම් කරන මෙම ක්‍රියාවලිය තුරන් කිරීම සදහා මේ වන විට සිදුකරන ක්‍රියාවලීන්ගේ වේගය දෙගුණයකින් වැඩි කල යුතු බවයි. මෙසේ කුඩා ගැහැණු දරුවන් විවාහ කරවීම මගින් ඔවුන් ක්ෂණික මෙන්ම ජීවිතකාලය පුරාවටම පවතින අහිතකර බලපෑම් වලට මුහුණ දෙන බවත්,ඇගේ පාසල් ගමන අවසන් වීම,දිගින් දිගටම ඇගේ ස්වාමිපුරුෂයා අතින් අතරවරයන්ට ලක්වීම හා ගැබ්ගැනීම හා සම්බන්ද අහිතකර අතුරු ප්‍රථිඵල යන තත්වයන්ට එම දැරියන්ට මුහුණදීමට සිදුවන බවද  ඇය සදහන් කරයි.

ගැහැණු දරුවන්ට පිරිමි දරුවන් මෙන් වටිනාකමක් නොලැබීම

ඉන්දියව තුල හා දකුණු ආසියානු කලාපය තුල ළමා විවාහ ප්‍රතිශතය මේ වන විට අඩුවී ඇති අතර එයට හේතු වී ඇත්තේ මේ වන විට ගැහැණු දරුවන් සාපේක්ෂව වැඩි අධ්‍යාපනයක් ලබාගැනීම හා දිගින් දිගටම කල දැනුවත් කිරීමේ වැඩසටහන් බවයි යුනිසෙෆ් සංවිධානය පවසන්නේ. ඉන්දියාව තුල පමණක් මේ වන විට සිදුවන ළමා විවාහ ප්‍රතිශතය 27%ක් පමණ බවත් මින් වසර 10කට පමණ පෙර එය 47% ක ප්‍රමාණයක පැවැති බවත් යුනිසෙෆ් වාර්ථා සදහන් කරන අතර කුඩා ගැහැනුදරුවන් බලවත් කිරීම සදහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කල යුතු බවයි. ළමා විවාහ නීතියෙන් තහනම් වූවත් තවමත් ලොවපුරා ළමා විවාහ සිදුවීම හේතුවෙන් තව තවත් ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කලයුතුබව එම සංවිධානයේ අදහසයි.

යුනිසෙෆ් සංවිධාන පවසන ලෙසට මේ වන වට දකුණු ආසියනු  කලාපයේ පමණක් ළමා විවාහ ප්‍රතිශතය 50% සිට 30% පමණ දක්වා පහත වැටී තිබීහ හා එසේ ළමා විවාහ සිදුවන ප්‍රමාණය පහත වැටීම මගින් මෙම නීතිවිරෝධි මෙන්ම සමාජ විරෝධී ක්‍රියාවලිය නවතාලිය හැකි බවට හොද සලකුණක් සපයා ඇත.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article