Saturday, May 18, 2024

ඉදිරි පැය 48 ඇතුලත මුහුදු නොයන්නැයි ධීවරයන්ට අනතුරු ඇගවීම්

Must read

පසුගිය දිනවල දිවයින ආසන්නයේ පැවති තරංගාකාර කැළඹිලි ස්වභාවය මේ වනවිට අඩු පීඩන තත්ත්වයක් බවට පත්ව ඇති අතර එය තවදුරටත් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම තත්ත්වය යටතේ දිවයින අවට මුහුදු ප්‍රදේශ කිහිපයක් රළු ස්වභාවයක් ගනු ඇතැයි අපේක්ෂා කරන අතර ඒ හේතුවෙන් ධීවර ප්‍රජාවට අනතුරු ඇඟවීම්ද මේ වන විට නිකුත් කර තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ එම අඩු පීඩන තත්ත්වය මේ වනවිට දිවයිනට දකුණු දෙසින් ස්ථානගතව ඇති අතර බස්නාහිර දෙසට ගමන් කරනු ඇති බවයි.මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළුවලින් බරව පවතින අතර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
එමෙන්ම මේ තත්ත්වය යටතේ යාපනය සිට මන්නාරම ,කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා ගැඹුරු හා නොගැඹුරු  මුහුදු ප්‍රදේශවල තද වැසි සහ තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පෙන්වා දෙයි.
ඒ හේතුවෙන් ඉදිරි පැය 48 තුළ එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත නොවන්නැයි එම දෙපාර්තුමේන්තුව ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින අතර නාවිකයින්ටද මේ පිළිබඳව අවධානයෙන් පසුවන්නැයි දැනුම් දෙයි.
මේ අතර මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රෙද්ශවලට ඊයේ(11) රාත්‍රියේ සිට කඩින් කඩ තද වැසි ලැබෙමින් පවතියි.
මෙලෙස කාසල්රි සහ මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රෙද්ශවලට වර්ෂාව පතිත වුවද පහළ බැස ඇති එම ජලාශවල ජලමට්ටම ඉහළ යාමට තරම් එය ප්‍රමාණවත් නොවන බවයි ජලාශ භාර ඉංජිනේරුවන් පවසයි.
බදුල්ල දිස්ත්‍රික්කයට ද මේ දිනවල වැසි ඇද හැලෙමින් පවතියි.
මේ අතර ඊයේ පස්වරුවේ වීරකැටිය ප්‍රදේශය හරහා හමා ගිය තද සුළඟකින් වීරකැටිය තංගල්ල ප්‍රධාන මාර්ගයේ අටේ කණුව ආසන්නයේ මාර්ගයට ගසක් කඩා වැටී කුඩා ලොරි රථයකට හානි සිදු විය.
සුළඟින් අත්තනයාල ප්‍රදේශයේ නිවසක වහලටද හානි සිදුව තිබුණි.
http://sinhala.adaderana.lk
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article