Saturday, May 18, 2024

“ගොඩනැගිලි අපට හදළා දෙන්න පුළුවන්,ඒත් හදවත් හදන්න බැහැ” – හමුදාපති.

Must read

ජනාධිපතිවරයා සිදුකල දැනුම්දීමකට අනුව මහනුවර ප්‍රදේශයේ ඇතිවූ  ප්‍රචණ්ඩකාරී සිදුවීම් හේතුවෙන් විනාශයටපත් ගොඩනැගිලි මෙන්ම පුජනීය ස්ථානද ප්‍රතිසංස්කරණය කිරීම තමන් මැදිහත් වන බව හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක සඳහන් කරයි.ඔහු මේ බව සදහන් කලේ මහනුවර ප්‍රදේශයේ සිංහල සහ මුස්ලීම් ව්‍යාපාරික හමුවකට එක්වෙමිනි. අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ජනාධිපති අරමුදලින් ප්‍රතිපාදන වෙන්කර දෙන බවටද ජනාධිපතිවරයා දැනුම්දුන් බවත් ඔහු එහිදී පැවසීය.

ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කල ආකාරයට ගොඩනැගිලිද සාර්ථකව ප්‍රතිසංස්කරණය කර දීමට ශ්‍රී ලංකා හමුදාවට හැකි නමුත් ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් තුවාල වූ හදවත් සුව කිරීමට හමුදාවට නොහැකි බවද හමුදාපතිවරයා එහිදී පැවසීය.

එලෙස බිදුනු ජනතාවගේ හදවත් සුවපත් කිරීම සඳහා මැදිහත්වීම දේශපාලන කටයුත්තක් බව පැවසූ හමුදාපතිවරයා තවදුරටත් සදහන් කලේ ඔවුන් සියළු දෙනා ඒ වගකීම ඉටුකරන්නට මැදිහත්වීම මේ මොහොතේ අත්‍යාවශ්‍ය කටයුත්තක් බවයි. එලෙසම එම සිදුවීම පාලනය කිරීම සදහා හමුදාව පැමිණෙන  විටත් සියල්ල ගිනිගෙන හමාරව තිබුණත් මේ වන විට පොලීසියට හා විශේෂ කාර්යය බලකායට එල්ල වී ඇති චෝදනා හා අවිශ්වාසය ,සැකය ඉවත්කිරීමටද කටයුතු යෙදිය යුතු බවද ඔහු පෙන්වා දෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article