Monday, April 29, 2024

සතොසත් බඩු මිළ අඩු කරයි !බිත්තර මිළත් පහලට….

Must read

වෙළඳපොලේ ඉන්දීය බිත්තර මිලට වඩා දේශීය බිත්තරවල මිල අද(21) වන විට පහළ ගොස් ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසා තිබේ

ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර රුපියල් 45ක් වැනි මුදලකට අලෙවි වන අතර දේශීය බිත්තරයක මිල සටහන් වී ඇත්තේ රුපියල් 40ක් ලෙසය

ඒ නිසා තවදුරටත් ඉන්දියාවෙන් බිත්තර ගෙන්වීම අවශ්‍ය නොවන බවයි බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක සඳහන් කර තිබුණි

මේ අතර එළඹෙන උත්සව සමය අරමුණු කර ගනිමින් ලංකා සතොස ආයතනය මගින් ජනතාවට ලබාදෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබේ.

එම භාණ්ඩ ලැයිස්තුව පහතින්,

ඉහත මිල ගණන් යටතේ රට පුරා ඇති සියලුම සතොස ශාඛාවන් මගින් පාරිභෝගිකයින්ට අද සිට එම භාණ්ඩ මිලදී ගත හැකිය.

මීට අමතරව උත්සව සමය වෙනුවෙන් වෙළෙදපොළ වටිනාකම රු. 4,500ක් වූ ග්‍රොසරි භාණ්ඩ ඇතුළත් “අවුරුදු වාසි මල්ල” රු. 3,480ක මුදලකට සියලුම සතොස අලෙවිසැල් තුළින් මිලදී ගැනීමට කටයුතු සලසා ඇත.

එම බඩු මල්ලේ අන්තර්ගත වන භාණ්ඩ ලැයිස්තුව පහතින්,

නූඩ්ල්ස් පැකැට්ටුවක් (400g)

සුදු කැකුළු ඉදිආප්ප පිටි පැකට්ටුවක් (700g)

පපඩම් (60g)

විනාකිරි බෝතලයක් (350ml)

ක්‍රීම් කැකර් බිස්කට් පැකැට්ටුවක් (500g)

සෝයා මීට පැකට්ටුවක් (90g)

කිරි පිටි පැකට්ටුවක් (400g)

තේ කොළ පැකැට්ටුවක් (100g)

සැමන් ටින් මාළු (425g)

සුදු කැකුළු (2kg)

පරිප්පු (500g)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article