Monday, April 29, 2024

ශිවරාත්‍රි දිනයේදී අත්අඩංගුවට ගත් දෙමළ ජාතිකයන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීමට පොලිසිය අසමත්වෙයි !

Must read

අධිකරණ නියෝගයක් උල්ලංඝනය කරමින් හින්දු ආගමික වතාවත් පැවැත්වූ බවට චෝදනා කොට අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි හින්දු බැතිමතුන් පිරිසකට එරෙහි චෝදනා ඔප්පු කිරීමට පොලිසියට කරුණු නොමැති වීමෙන් නඩුව නිෂ්ප්‍රභ කර ඔවුන් සියළු දෙනා නිදහස් කිරීමට අධිකරණය නියෝග කර ඇතැයි ද ලිඩර් වෙබ් අඩවිය වාර්තා කර සිටි

චෝදනා පත්‍ර ගොනු කිරීමට පොලිසිය අසමත් වීම නිසා අධිකරණය විසින් මුදා හරින ලද්දේ, කෝවිලේ පූජක තම්බිරාසා මදිමුගරාසා (45) ඇතුළු තුරෙයිරාසා තමිල්චෙල්වන් (28), මහේන්ද්‍රන් නරේන්තිරන් (29), සිවම් ලක්ෂාන් (28), කන්දසාමි ගෞරිකාන්තන් (24), තිලකනාදන් කින්දුයන් (28), රාසරත්නම් විනායගමුර්ති (30), සුබ්‍රමනියම් තවපාලසිංහම් (35) යන අට දෙනාය මෙසේ නිදහස්ව ඇතැයි එම පුවතේ වැඩිදුරටත් සදහන්ය

නීතිඥ කනගරත්නම් සුගාස් වවුනියාව දිසා අධිකරණය ඉදිරිපිටදී මාර්තු 19 වැනිදා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ සැකකරුවන් නිදහස් වුවද අසාධාරණයට එරෙහි අරගලය දිගටම පවතින බවයි.

“අද දවසේ චෝදනා පත්‍රය ඉදිරිපත් කළ යුතු පොලීසිය එය ඉදිරිපත් නොකළ නිසා අපි උසාවියට බරපතළ ලෙස කරුණු ඉදිරිපත් කළා. මේ අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු චෝදනා සොයමින් සිටි පොලීසිය දැන් අපරාධයක් සොයමින් ඉන්නවා. ඒක නිසා මේක පදනම් විරහිත නඩුවක් නිසා එයාලාව නඩුවෙන් නිදහස් කරන ලෙස ඉල්ලීම් කළා. අපේ ඉල්ලීම පිලි අරගෙන සැකකරුවන් සියළු දෙනාම නඩුවෙන් නිදහස් කරලා තියෙනවා. අසාධාරණයට එරෙහි අපේ අරගලය දිගටම පවතිිනවා.”

වව්නියාව දිස්ත්‍රික්කයේ නෙදුන්කේනි ප්‍රදේශයේ වෙඩුක්කුනාරි කන්දේ පිහිටි  ආදි ලිංගේස්වර කෝවිලේ  මහා ශිව රාත්‍රී වන්දනා කටයුතු සිදු කරමින් සිටියදී මාර්තු 8 වැනිදා රාත්‍රියේ පොලීසිය විසින් හින්දු භක්තිකයන් අට දෙනකු අත්අඩංගුවට ගෙන තිබුනේ අධිකරණ නියෝග නොතකමින් රාත්‍රි කාලයේ විශේෂ පුජාවක් පැවැත්වු බවට චෝදනා කරමිනි.

මෙම අත්අඩංගුවට ගැනිමට එරෙහිව පසුගිය දිනවල උතුරේ මෙන්ම නැගෙනහිරද විරෝධතා සංවිධානය කර තිබුණි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article