Friday, May 17, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇදුමට එක්වන අළුත් ලාංඡනය මෙන්න..

Must read

ඕසෝන් ස්ථරයට හානිකර බ්‍රෝමයිඩ් මීතේන් හෙවත් බ්‍රෝමොමීතේන් රසායනික ද්‍රව්‍ය සීමාකල යුතු බව 1992 වසරේදී  ඕසෝන් වියන සුරැකීම සදහා වූ මොන්ට්‍රියල් සන්ධානය විසින් තීරණය කර තිබිණි. ඒ අනුව ක්‍රියාත්මක වෙමින්  වික්ලප තාක්ෂණික ක්‍රම වෙත යොමුවීම මගින් විශේෂයෙන් තේ වගාව තුල පලිබෝධනාශකයක් වශයෙන් භාවිතා කරන ලද එම රසායනික ද්‍රව්‍ය මුළුමනින්ම භාවිතයෙන් ඉවත් කිරීමට මේ වන විට ශ්‍රී ලංකාව සමත්වී ඇත.

එමනිසා ජයග්‍රහණය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් “ඕසෝන් මිතුරු තේ ලාඡනය “( Ozone Friendly Tea Logo) හදුන්වා දී ඇති අතර ඕසෝන් මිතුරු තේ නිශ්පාදනය කරන රටක් වශයෙන් ශ්‍රී ලංකා තේ ජාත්‍යන්තරය තුල ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ක්‍රීඩ ඇදුමට එක්කිරීමට මහවැලි සංවර්ධණ හා පරිසර අමාත්‍ය වශයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කල යෝජනාවක් කර අැති අතර එම යෝජනවෙ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග සාකච්ඡා කිරීමට  පසුගියදා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියද හිමිවී ඇත..

ozone-friendly-pure-ceylon-tea-logo

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article