Friday, May 17, 2024

ලන්ච් ෂීට් වෙනුවට කෙසෙල් කොළ පදම් කිරීම ඇරැඹේ.

Must read

e3f866aef8696a1fff76ef5d31b862cf8338f65d

ලන්ච් ෂීට් සඳහා ආදේශකයක් ලෙස කෙසෙල් කොළ පදම් කර කල් තබා ගැනීමට හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධ හම්බන්තොට වැලිගත්ත ග්‍රාමීය තාක්‍ෂණ විද්‍යා ආයතනයේ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සුජාතා වීරසිංහ මහත්මිය පැවසුවාය.
කෙසෙල් කොළ පදම් කිරීමේ ක්‍රමවේදය ඉතා සරල බව පැවසුවාය.
නමුත් ඒ සඳහා යොමු වන පිරිස අඩු බව පැවසුවාය.
පොලිතීන් තහනමත් සමග මෙම ක්‍රමය ප්‍රචලිත කිරීමෙන් පරිසරයට ආරක්ෂාවක් මෙන්ම ජනතාවට ආදායම් මාර්ගයක්ද සැකසෙන බව පැවසුවාය.
කෙසෙල් කොළ කල් තබා ගැනීමට අවශ්‍ය තාක්‍ෂණය සිය තාක්‍ෂණ විද්‍යා ආයතනය මගින් ලබාදීමට සූදානම් බව කථිකාචාර්යවරිය පැවසුවාය.
කෙසෙල් කොළ පදම් කිරීමේ තාක්ෂණය ජනතාවට ලබාදීමේ පළමු අදියර මේ වනවිට හම්බන්තොට ,රත්නපුර ඇතුළු කෙසෙල් වගාව බහුල ප්‍රදේශවල නියමු වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කර ඇතිබව පැවසුවාය.
කෙසෙල් කොළ පදනම් කිරීමට කැමැති පිරිසට තාක්ෂණික දැනුම ලබාදීමට තම ආයතනය සූදානම් බව කථිකාචාර්යවරිය වැඩිදුරටත් පැවසුවාය.
ගාල්ල – නාගොඩ සුමන උදයන්ත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article