Sunday, May 19, 2024

කොළඹ ඇස නුදුරේදීම බත්තරමුලට

Must read

ලන්ඩනයේ තෙම්ස් නදී ඉවුරේ ඇති විශාල පිහිටා ඇති ” ලන්ඩනයේ ඇස” ලෙස හදුන්වන විශාල  Ferris Wheel නිර්මානයට  සමාන නිර්මායක් කොළඹ බත්තරමුල්ල ප්‍රදේශයේ ඉදිකිරීම සදහා වෝටර්ස් එජ් හා මෙල්චර්ස් ව්‍යාපෘති කළමණාකරණ පුද්ගලික ආයතනය (Melchers Project Management (Pvt) Ltd) ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. මේ Ferris Wheel නිර්මාණය හදුන්වනු ලබන්නේ ” කොළඹ ඇස “ලෙසටයි

රුපියල් මිලියන 600ක ආයෝජනයක් වන මෙම ව්‍යාපෘතිය  ‘Fantasy Land’(ලන්ඩනයේ   Ferris Wheel පිහිටා ඇති උද්‍යානය) මෙරට නිර්මානය කිරීමේ පළමු පියවර වනු ඇති. දියවන්නාව ආශ්‍රිතව ක්‍රියාත්මක වීමට නියමිත මෙම ව්‍යාපෘතිය සදහා නාගරික සංවර්ධන අමාත්‍යංශය හා ක්‍රිඩා අමාත්‍යංශයේද සහය ලැබීමට නියමිතය.

මෙම ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට එක්වූ බස්නාහිර සංවර්ධන හා මෙගාපොලිස් අමාත්‍ය චම්පික රණවක මහතා සදහන් කර සිටියේ දියවන්නාව ඉවුර ඉදිරියේදී විනෝදජනක නගරයක් බවට සංවර්ධනය කිරීම සිදුවන බවයි.එලෙසම සිංගප්පූරුව හා ඩුබායි වැනි නගරවල ඇති සංචාරක ආකර්ශණයට තරගයක් දිය හැකි වන අයුරින් බත්තරමුල්ලේ ඉදිවීමට නියමිත Fantasy Land නවීන තාක්ෂණය යොදාගනිමින් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවයි.

image_1516982930-d6371a8df5

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article