Thursday, May 16, 2024

ලොව දිගම වැලි වලින් නිර්මිත බුද්ධ ප්‍රතිමා වහන්සේ ශ්‍රී ලංකාවේදී නිර්මාණය ඇරඹේ..

Must read

ඉන්දියාවේ සුප්‍රසිද්ධ වැලි නිර්මාණකරු වන සුදර්සන් පට්නායික් විසින් මෙවර ශ්‍රීලංකාවේදී පැවැත්වෙන 14වන ජාත්‍යන්තර වෙසක් දින සැරුමේදී ලොව දිගම වැලි වලින් නිර්මාණය කරන බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කිරීමට තීරණය කර තිබෙනවා.
ඔහු පවසන්නේ ශ්‍රී ලංකා රජය විසින් සංවිධානය කරනු ලබන මෙම වෙසක් දින සැමරුමට සහභාගීවීමට කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්‍යාලයෙන් තමන්ට ඇරයුමක් ලැබුණු බවයි.
පාර්ලිමෙන්තුව ආසන්නයේදී අඩි 50ක් දිග මෙම වැලි වලින් නිර්මාණය කිරීමට නියමිත බුද්ධ ප්‍රතිමා වහන්සේ දැකබලාගැනීමට ඔබට එම ජාත්‍යන්තර වෙසක් සැමරැමේදී හැකි වනු අැති. මෙම වෙසක් සැමරුම මැයි මස 10 වනදායින් ආරම්භ වන අතර පුරා දින 5ක් එය පැවැත්වීමට නියමිතය.

පහතින් දැක්වෙන්නේ සුදර්සන් පට්නායික් විසින් සිදුකල නිර්මාණ කිහිපයකි.

sudarsan-pattnaik-1

images

sand-artist-sudarsan-pattnaik-raksha-bandhanc2a0piece-at-puri-beach-odisha

 

www.dailymirror.lk ඇසුරිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article