Sunday, May 19, 2024

‘වීසා ගාස්තුවල වෙනසක් නෑ’ – කැබිනට් මණ්ඩල තීන්දුවක්

Must read

messenger sharing button
විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුවඑලෙසම පවත්වා ගෙන යාමට අද (6) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

එසේම ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනිසියාව යන රටවල් හතට මෙතෙක් නොමිලේ සැපයු වීසා සේවාව එසේම ක්‍රියාත්මක කිරීමටද එහිදී කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

එසේම මෙරටට විදේශිකයෙකු ඇතුල්වීමේදී අදාළ වීසා නිකුත්කිරීමේ පූර්ණ වගකීම ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් දරනු ඇත.

sdfsdfsdfrVFS : ‘විදේශිකයින්ගේ වීසා ගාස්තු වැඩියි කියලා කෑගහන ලංකාවේ අය රට යන්න ඊට වඩා ගාස්තු ගෙවනවා’

“VFS එක ආපු ගමන් අපේ සිස්ටම් එක ඕෆ් කරලා. ඉතින් එවැනි ප්‍රශ්න නිසා තමයි මේ වගේ දෙයක් වුණේ. ආගමන විගමන එකෙන් තමයි ඒක කරලා තියෙන්නේ.ඒ දේ කරපු අය ගැන වගේම ඒවා වීඩියෝ කරපු අය ගැනත් මම දන්නවා. එයාලට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා.” යැයි ඊ- වීසා නිකුත් කිරීමේදී මතුවූ ගැටළු ගැන කරුණු පැහැදිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අද (මැයි 6 වැනිදා) අවධාරණය කළේය.

මැයි 01 වැනිදා වැනිදා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී On Arrival වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටළු සහගත තත්ත්වය සහ වීසා ක්‍රමවේදය පිළිබඳව පැහැදිලි කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ගේ සහභාගීත්වයෙන් අද (මැයි 06 වැනිද) මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්වුණි.

වීසා ගාස්තු පිළිබඳවත් එවා සම්මත කරගත් යෝජනාවලට අනුකූල බවත් අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.

“වීසා ප්‍රශ්නය ගැන කතා කලොත් ඒක කොටස් දෙකකට තියෙන්නේ. එකක් වීසා වලට අප අය කරන මුදල වැඩි කිරීම. අනිත් එක VFS සමාගම වීසා නිකුත් කිරීමේ කර්තව්‍යයට එකතු කර ගැනීම.”

“නව වීසා ක්‍රමවේදය සම්බන්ධයෙන් යෝජනාව පාර්ලිමේන්තුවේ දී විවාදයකින් තොරව ඒකමතිකව පසුගිය නොවැම්බර් මස 23 වන දින සම්මත වූනා.” යැයි අමාත්‍ය ටිරාන් අලස් පැවසීය

‘ගැටළු සහගත වීසා කාණ්ඩය’

“අපි වීසා ගාස්තු වැඩි කිරීම ගැන කතා කලොත් අපි ප්‍රතිපත්තිමය තීරණයක් අර ගත්තා වෙනත් වීසා කාණ්ඩ ලබා දෙන්න.”

“මාර්ගගත ක්‍රමයට ලබා දීම සිදුකලේ දින 30 වීසා කාණ්ඩය පමණයි. ඒ දවස් 30 වීසා එක කාණ්ඩ කිහිපයක් යටතේ වෙනස් කිරීමට ‍කටයුතු කළා.”

“විශේෂයෙන් නොමෑඩ් කියන වීසා කාණ්ඩය, ඔන්ලයින් සේවාවන් කරන අයෙකුට ලංකාවට ඇවිල්ලා හෝටලයක නැවතිලා ඉදගෙන තමන්ගේ රැකියාව කරන් යන්න හැකියාව තියෙනවා මේ වීසා එක යටතේ.”

“දකුණු පළාතේ සංචාරයක් සඳහා ජනාධිපතිවරයා ගිය අවස්ථාවේදී හමුවූ විදේශිකයින් ගේ ඉල්ලීම් සැලකිල්ලට අරගෙන නව වීසා ක්‍රමවේදය සකස් කරන්න කටයුතු කළේ.”

“නව වීසා ක්‍රමවේදය සම්බන්ධයෙන් යෝජනාව පාර්ලිමේන්තුවේ දී විවාදයකින් තොරව ඒකමතිකව පසුගිය නොවැම්බර් මස 23 වන දින සම්මත වූනා.”

“දැන් මේ ඩොලර් 75 වීසා එකක් ගැන කතා කරනවා. ඒ වීසා එකත් තියෙන්නේ මේ සම්මත කරපු ලිස්ට් එකේ. යෝජනාව සම්මත කරලා ගැසට් කළා. ”

”දැන් ගැසට් කළාට පස්සේ අපිට තිබුණ ප්‍රශ්නය තමයි අපේ විද්‍යුත් සංචරණ අනුමැති පද්ධතියේ මේ එකක්වත් කරන්න බැහැ. ”

”නොවැම්බර් මාසේ සම්මත වුන එක අපිට ඉන්න වුණා අප්‍රේල් මාසයේ 17 වෙනිදා වෙනකම් ක්‍රියාවට නංවන්න. ඒක VFS පද්ධතිය එනකම් ඉදලයි මේක කරන්න පුළුවන් වුනේ.”

“අපේ තිබ්බේ විද්‍යුත් සංචරණ අනුමැති පද්ධතියේ පින්තූරයක්වත් එවන්න බැහැ. ඔන්ලයින් වීසා එනවා අකුරු විතරයි එන්නේ. එහෙම තමයි අපේ පද්ධතිය තිබුණේ.”

“අප්‍රේල් මාසයේ 17 වැනිදා ඩොලර් 75 වීසා එකට විපක්ෂ නායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන් විරෝධය පළකරලා ප්‍රවෘත්ති සාකච්ඡා පවා තිබ්බා.”

“මේක සම්මත වුණා කියලා මම පාර්ලිමේන්තුවේදී කියද්දී ඔවුන්ට ඒකවත් මතකයේ තිබුනේ නැහැ. අඩුම තරමින් ඔවුන් සම්මත කරාපු එක ගැනවත් ඔවුන්ට මතකයක් නෑ.”

“ඩොලර් 75 වීසා එක කියන්නේ මාස 06 ක ඩබල් එන්ට්‍රි වීසා එකක්. සින්ගල් එන්ට්‍රි දවස් 30 වීසා එකට ඩොලර් 50ක ගාස්තුවක් අය කරන්නේ.” අමාත්‍යවරයා කරුණු පැහැදිලි කර සිටියේය.

මොකක්ද මේ VFS කියන ආයතනය

මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා වීසා ලබාදීම සිදුකරන VFS ආයතනය සම්බන්ධයෙන් ද අමාත්‍ය ටිරාන් අලස් මෙහිදී කරුණු පැහැදිලි කිරීමක් කළේය.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ VFS ආයතනය විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබු බවයි. එමෙන්ම රටවල් ගණනාවක ඔවුන් සිය සේවාවන් පවත්වාගෙන යනු ලබන බවද ඔහු පැවසුවේය.

“රට යන ලංකාවේ අය පවා දන්නවා VFS කියන්නේ මොකක්ද කියලා. මේ ආයතනය රජයන් 67ක, රටවල් 151ක මධස්ථාන තුන්දහසකට අධික සංඛ්‍යාවක් පවත්වාගෙන යන සමාගමක්.”

“ඒ සේවාවට ඒගොල්ලෝ එක්ක තරග කරන්න කවුරුත් නැහැ. යුරෝපය ඇතුළු ලෝකයේ බොහෝ රටවල් භාවිත කරන්නේ VFS සේවාවයි.”

“එක් චෝදනාවක් එල්ල වුණා මේක ඉන්දියානු සමාගමක් කියලා. ඒ වගේම ඉන්දියන් අය ඇවිල්ලා එතන වාඩි වෙලා ඉන්නවා කියලා.”

“මම ඒ ගැන සොයා බැලුවා. ඒක ඉන්දියානු සමාගමක් නෙමෙයි.”

“මේ සිදුවීම වූ අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපොළේ කවුන්ටර්වල ඉදලා තියෙන්නේ ලංකාවේ 13 දෙනෙක්.”

“VFS එක කරන්නේ ලියකියවිලි සම්බන්ධයෙන් කටයුතු සොයා බැලීම පමණයි. වීසා ලබාදීම හෝ ප්‍රතික්ෂේප කිරීමේ බලය තියෙන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින්ටයි.”

“මේ ව්‍යාපෘතිය ගැන වසර 07කට පෙර කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඇවිල්ලා තිබුණා. එක ලංකාවේ සමාගමක් වසර කිහිපයක් උත්සාහ කළත් ඔවුන්ට ඒක සාර්ථක කර ගන්න හැකියාව ලැබුණේ නැහැ.”

“ඒ වගේම චීනයේ සමාගමක් වසර 04ක් උත්සහ කරලත් ඔවුන්ට මේක සාර්ථක කර ගන්න බැරි වුණා.”

“අපිට අවශ්‍යතාවයක් තිබුණා වීසා ලබා දීමේ නව ක්‍රමවේදයක් සකස් කරන්න. ඒ අතර වාරයේ දී තමයි VFS ආයතනය විසින් මේ ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කළේ.”

“පස්සේ ඒක ගැන බලලා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් යොමු කළා පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී.”

“මේ සම්බන්ධයෙන් සොයා බලන්න අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කළා. ඒ වගේම නීතිපතිවරයා නිර්දේශ ඉදිරිපත් කරලා තිබුණා. ජනාධිපතිතුමා පවා ඒ ගැන නිර්දේශ ඉදිරිපත් කර තිබුණා.”

“ලංකාවේ ඉන්න ජනතාව විදේශගත වෙද්දී VFS එකට ගෙවනවා එක එක රටවල් සඳහා විවිධ මිල ගණන් යටතේ ගාස්තු.”

“උදාහරණයක් විදිහට UAE වලට යද්දී ඇමෙරිකානු ඩොලර් 25ක් ගෙවනවා.”

“නමුත් විදේශ රටක ඉදලා ලංකාවට එන විදේශිකයෙක් ඩොලර් 18.5ක් ගෙවනවා කියලා මේ රටේ ඉන්නේ අය කෑගහනවා.” අමාත්‍යවරයා පැවසීය.

මේ අතර මෙරට ගුවන් තොටුපොළවල් සහ ආගමන විගමන පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග ගැන අධ්‍යයනය කර වාර්තාවක් ලබා දෙන ලෙස සිංගප්පුරු රජයෙන් කළ ඉල්ලීමක් මත විශේෂ කණ්ඩායමක් ඉදිරි දිනයකදී මෙරටට පැමිණීමට නියමිත බව ද මෙහිදී අමාත්‍යවරයා පැවසීය.

කටුනායක ගුවන්තොටුපොළේ ඇතිවූ ගැටළුව කුමක් ද?

මැයි මස 01 වෙනිදා කටුනායක ගුවන් තොටුපොළේ VFS කවුන්ටරය අසලදී තරුණයෙකු සිදුකළ විරෝධය පළ කිරීම ගැන ද අමාත්‍ය ටිරාන් අලස් මෙහිදී කරුණු පැහැදිලි කිරීමක් සිදුකරන ලදී.

” එදා එතන ලංකාවේ නිලධාරින් තමයි ඉදලා තියෙන්නේ.”

“මේක පටන් ගත්ත නිසා VFS සමාගමේ ඩුබායි කාර්යාලයේ ඉන්න ‍උප සභාපතිවරයා ඉන්දීය ජාතිකයෙක් එදා එතනට ඇවිත් ඉදලා තියෙනවා.”

“අර කෑ ගහන තරුණයා එයාගේ බිරිඳ එක්ක යනවා ආගමන විගමන අංශයට. එයාට වීසා නෑ. එතන ඉන්න නිලධාරියා කියනවා අතනට ගිහිල්ලා වීසා එක ගන්න කියලා.”

“මේ තරුණයා ඇවිල්ලා එතන ඉන්න අර ඉන්දීය ජාතික උප සභාපතිවරයා අතට තමයි පාස්පෝර්ට් එක දෙන්නේ.”

“ඒ නිලධාරියා පාස්පෝර්ට් එක බලලා කියනවා පෝලිමට යන්න කියලා. ඒ වෙලාවේ ඉදලා එයා කෑගහලා තියෙනවා.”

“එයාට ඕන වෙලා තියෙන්නේ කෙලින්ම ගිහිල්ලා පෝලිමේ ඉන්නේ නැතුව වයිෆ් ගේ වීසා එක අර ගන්න. ඒක තමයි වෙලා තියෙන්නේ.” අමාත්‍යවරයා කරුණු පැහැදිලි කර සිටියේය.

ආගමන විගමන නිලධාරින් ගැනත් අවධානය

මේ අතර කටුනායක ගුවන් තොටුපළේ පිහිටි VFS කවුන්ටරයේ සේවාවන් පවත්වාගෙන යාමට පසුගිය මැයි මස 01 වෙනිදා බාධා සිදුවීම ගැන ද පියවර ගන්නා බවට අමාත්‍ය ටිරාන් අලස් මෙහිදී කරුණු සඳහන් කර සිටියේය.

” එදා පළවෙනි දවස. VFS එකට හරියට WiFi පහසුකම් ලබාදීලා තිබිලා නැහැ. එයාලා ඩොන්ගල් යොදා ගෙන තමයි රාජකාරි ආරම්භ කරලා තිබුණේ.”

“එදා මම හිටියේ නැහැ. ලේකම්තුමා රැස්වීමක් කැඳවලා තීරණය කරලා තියෙනවා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වගේම VFS ආයතනයේ සිස්ටම් දෙකම සමානව පවත්වාගෙන යන්න දවස් කිහිපයක්.”

“ඒ දේ වුනේ නැහැ, VFS එක ආපු ගමන් අපේ සිස්ටම් එක ඕෆ් කරලා. ඉතින් එවැනි ප්‍රශ්න නිසා තමයි මේ වගේ දෙයක් වුණේ.”

“ආගමන විගමන එකෙන් තමයි ඒක කරලා තියෙන්නේ.”

“ඒ දේ කරපු අය ගැන වගේම ඒවා වීඩියෝ කරපු අය ගැනත් මම දන්නවා. එයාලට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා.” අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ( මැයි මස 01 වැනිදා) උණුසුම් තත්ත්වයක් ඇති විය.

ඒ කටුනායක ගුවන් තොටුපොළ තුළ වීසා නිකුත් කිරීමේ ක්‍රියාපටිපාටියේ ( මැයි මස 01 වැනිදා) සවස ඇතිවූ ගැටළු සහගත තත්ත්වයක් හේතුවෙනි.

(උපුටා ගැනීම් –BBC සිංහල සේවය)

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article