Monday, May 6, 2024

විශ්වාසභංගයට සහය වූ ශ්‍රිලනිප 16 දෙනා ඉල්ලා අස්වෙයි.

Must read

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භයංගයට පක්ෂව සිය ඡන්දය භාවිතා කල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය කතානායකවරයා එම තනතුරුවලින් ඉල්ලා අස්වීමේ ලිපි  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාර දී තිබෙනවා.

ඊයේ  රාත්‍රීයේදී ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවකින් පසු තමන්ට ඉල්ලා අස්වීමට ජනාධිපතිවරයා අවසර දුන් බව සදහන් කරමින් විශ්වාස භංගයට පක්ෂව ඡන්දය භාවිත කළ ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් 16 දෙනා සිය ඉල්ලා අස්වීමේ ලිපි බාරදී තිබේ.

ඉල්ලා අස්වූ කැබිනට් ඇමැතිවරුන් –  සුසිල් ප්‍රේමජයන්ත්, දයාසිරි ජයසේකර, අනුර ප්‍රියදර්ශන යාපා, ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න, චන්දිම වීරක්කොඩි, එස්.බී දිසානායක

ඉල්ලා අස්වූ රාජ්‍ය ඇමැතිවරුන් –  ලක්ෂ්මන් යාපා, ඩිලාන් පෙරේරා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සුසන්ත පුංචිනිලමේ, ටීබී ඒකානායක

ඉල්ලා අස්වූ නියෝජ්‍ය – සුමේධා ජී ජයසේන, අනුරාධ ජයරත්න, තාරානාත් බස්නායක, ලක්ෂ්මන් වසන්ත පෙරේරා

නියෝජ්‍ය කතානායක – තිලංග සුමතිපාල

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article