Monday, May 6, 2024

සියලු රටවල ඡාතිවාදීන් සහ ආගමිවාදීන් මෘගයෝ බිහිකරත් මෘගයෝ පෝෂණය කරත් !

Must read

asifa
=============================
ඇය තම ඡාතිය කුමක්දෑයි ආගම කුමක්දැයි නිවැරදි ‍වැටහීමක් පවා නොමැතිවම ඔහේ එලුවන් සහ මී හරකුන් පසුපස ඇවිද ගිය කටෙි කිරි සුවද පවා හරි හැටි නොගිය පුංචිම පුංචි වයස අවුරැදු 8 ක දැරියකි. ඇගේ දෙමවුපියන් කාෂ්මීරයේ එඩෙිරැන්ය. උප්පැන්න සහතිකයේ ඇගේ ඡාතිය ඉදිරියේ මුස්ලිමි යන්න සදහන්ව ඇත. ඇගේ ඉරණම තීන්දු වුයේ ඡාතිය මුස්ලිමි යනුවෙන් සටහන් වූ 
මෙි වචන පෙලයි. 
ඇය අසීෆා බානෝය. රසා‍නා ගමිමානයේ කැලයක් අසල ඇගේ වධ වෙිදනා විදි සිරැර නිසලව වැතිර තිබුනේය. ඝාතකයෝ 8 දෙනෙකු ඇයව පැහැර ගෙන ගොස් තිබුනේ පසුගිය ඡනවාරි 10
වැනි දිනය. ඔවුහු සියල්ලෝම හිංදු මිනිසුන් වූහ. එක් අයෙක් විශ්‍රාමික රාඡ්‍ය නිලධාරියෙකි. හතර දෙනෙක් පොලිස් නිලධාරීන්ය. ඉතිරි තිදෙනා සාමාන්‍ය හිංදුවරැය. ඔවුහු ඇයව ඔසවාගෙන කෝවිලකට ගෙනගොස් මාරැවෙන් මාරැවට මෙි කිරි සප්පයාව දුෂණය කළහ. දුෂණය කරන අතර තුර ඇයට අමානුෂික අන්දමින් පහර දී ඇතැයි මරන වාර්තාව පෙන්වා දෙයි . අසීෆාගේ නිසල දේහයේ මුලු මුහුනම දැඩි පහර දීමි වලින් තැලී පොඩිවී නිල් වී තිබූ අතර. දින 8 ක් තිස්සේ මෙි මෘගයෝ ඇයව දූෂණය කර තිබිණි. මෙි පුංචි කෙල්ල එතෙක් කල් ඡිවත්ව සිට ඇත්තේ පියවි සිහියෙන් නොවන බව පැහැදිලිය. ඇය පණ අදිද්දී ඔවුහු අසීෆාගේ කකුල් අඹරවා කඩා දැමුහ අනතුරැව ඇගේ ගෙල මිරිකා දැමුහ. සිගිත්තිය ‍වෙිදනාවෙන් මිදිණි. ඇය මෙි කෲර ලෝකය හැර ගියාය. එහෙත් ඝාතකයෝ සිටියේ වියරැ විකෘති කාමයෙනි. ඔවුහු ඇගේ පුංචි හිසට විශාල ගල්ගෙඩිවලින් පහර දුන්හ. දැරියගේ හිස දෙපැත්තකින් පිපිරී තිබිණි. ඇය මිය ගිය බව ස්ථිරවම දැනගත් මෘග රෑන සිය ගෙවල් වලට ගොස් නා පිරිසිදු වී කිසිත් නොදන්නා තොත්ත බබිබු සේ එකිනෙකා තම බිරින්දෑවරැ තුරැල් කර ගත්තා විය හැක.
නමුදු දින කිහිපයකින් ඝාතකයෝ පොලිසියට කොටු වූහ. අපුරැ වැඩෙි සිදුවන්නේ එවිටය. ඔවුන් අත් අඩංගුවට ගැනීමට එරෙහිව ඡමිබු කාෂ්මීරයේ දු පුතුන් ඇති හිංදුවරැ පෙළපාලි ගියහ . උද්ඝෝෂණය කළහ. එහි පෙරමුණ ගෙන සිටින්නේ භාරතීය ඡනතා පක්ෂයේ ඇමතිවරැ දෙදෙනෙක් වන චන්ද්‍ර ප්‍රකාශ් ගංගා සහ චෞද්‍රරී ලාල් සිංය.
දැරිය මරා දැමීමට හා චුදියන්ට සහය දක්වන ඇමතිවරැන්ට එරෙහිව කාෂ්මීරය පුරා දැන් මුස්ලිමි මිනිසුන් උද්ඝෝෂණයකය. ඡාතිවාදී ආගමිවාදි මිලේචිඡයන් ඡිවත්වන සමාඡයක මෙි මල් කැකුලට අත් වු ඛෙිදනීය ඉරණම අපට භයානක පෙර නිමිත්තකි. නරක ආදර්ශයකි. මක් නිසාද ශ්‍රි ලංකාවෙිද ආගමිවාදීන් ඡාතිවාදීන් ඉංදියාවට වඩා වෙනස් නොවන හෙයිනි. ඡාතිවාදය සහ ආගමිවාදය පෝෂනය කරනවුන් අප පිලිකුල් සහගත ලෙස බැහර කල යුතු වෙමු. ඔවුහු මිලේචිඡයන්ටද අන්තය. සැබැවින්ම ඔවුහු සත්තුය.
By Upali Jayasinghe

Image may contain: 1 person, text
LikeShow more reactions

Comment

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article