Sunday, May 19, 2024

වරිපනම් බදු නොගෙවු ගෙහිමියාගේ තේක්ක පුටු කට්ටලය වෙන්දේසියට !

Must read

3-4R

සිහිකැදවීම් ගණනාවක් සහ අවසන් නිවේදන නිකුත් කිරීමෙන් පසුවද හිග වරිපනම් බදු නොගෙවන පුද්ගලයන්ගෙන් එම මුදල් අයකරගැනීම සදහා ප්‍රා දේශීය සභා ආඥා පනත යටතේ ඔවුන්ගේ චංචල දේපොළ තහනමට ලක් කළ හැකි නීතිය ඉබ්බාගමුව ප්‍රා දේශීය සභාව මගින් ප්‍රථම වරට ක්‍රියාත්මක කර තිබේ.
2016-12-31 වැනි දිනට වරිපනම් බදු හිග වශයෙන් තිබූ රුපියල් හාරදහස් නවසිය හතලිස් හයකුත් ශත හැත්තෑ හතරක් නොගෙවූ ඉබ්බාගමුව, පන්නල ප්‍ර දේශයේ ගෙහිමියෙකුට අයත් තේක්ක ලීයෙන් සෑදූ පුටු කට්ටලයක් ප්‍රා දේශීය සභාව මගින් එසේ තහනමට ලක් කරන ලදුව, ඒවා වෙන්දේසියේ විකිණීම පසුගියදා ප්‍රා දේශීය සභා පරිශ්‍ර යේදී සිදු කෙරිණ.
මෙම ගෙහිමියා රජයේ උසස් නිලධාරියෙකු බවත්, වරිපනම් හිග නොගෙවීම සම්බන්ධයෙන් දැනුම්දුන් අවස්ථාවේ ඔහු ප්‍රා දේශීය සභා නිලධාරීන්ට තර්ජනය කරමින් බැන වැදුණු බවත්, පුටු කට්ටලය තහනමට ලක් කිරීමෙන් පසු ඔහු ඒ සම්බන්ධයෙන් ගොකරැල්ල පොලීසියට පමණක් නොව ජනාධිපතිවරයා වෙත පවා පෙත්සම් ගණනාවක් යවා ඇති බවත් ප්‍රා දේශීය සභාවේ ආදායම් අංශයේ නිලධාරීහු පැවසූහ.
(දිණමිණ)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article