Sunday, May 19, 2024

කිඹුලන්ටත් උද්‍යානයක් !

Must read

Srilanka-crocodileගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට දැඩි තර්ජනයක් වී තිබෙන කිඹුලන් සඳහා බලපිටිය කරජ්ජිපිටිය ප්‍රදේශයේ උද්‍යානයක් නිර්මාණය කිරීමට සැලසුම් කර ඇතිබව වනජීවි දෙපාර්තමේන්තුවේ හික්කඩුව උද්‍යාන භාරකරු ඒ.වී.කසුන් තරංග මහතා පැවසීය.
තෙත් කලාපයේ ජීවත්වන ගැට කිඹුලා ඉතා දරුණු කිඹුල් විශේෂයක වන අතර ගාල්ල දිස්ත්‍රික්කයේ මාදුගඟ, කොග්ගල කලපුව, නිල්වලා ගඟ සහ පොල්අතු මෝදර යන ගංගාවල බහුලව සිටි.
පසුගිය මාස කිහිපයේ එම ජලාශ කිඹුලන්ගේ ග්‍රහනයට හසුව පුද්ගලයන් කිහිපදෙනකු මියගොස් තිබේ.
ඊට විසඳුමක් ලෙස කිඹුල් උද්‍යානයක් ඉදිකිරීමට සැලසුම් කරබව උද්‍යාන භාරකරු වැඩිදුරටත් පැවසීය.
(දිණමිණ)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article