Saturday, May 4, 2024

ලෝක දුම්වැටි විරෝධී දිනය අද

Must read

No-Tobacco-Day-2018-HD-Wallpaperලෝක දුම්වැටි විරෝධී දිනය යෙදී ඇති අද (31) දුම්කොළ හා ඒ ආශ්‍රීත නිෂ්පාදන අලෙවිය හා ඒවා පාවිච්චියෙන් වලකින ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය සහ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය ඉල්ලීමක් කරයි.

අදට(31) යෙදී ඇති ලෝක දුම්වැටි විරෝධී දිනයේ තේමාව ‘දුම්කොළ හා හෘද රෝග‘ යන්න ය.

දුම්කොළ හා ඒ ආශ්‍රිත නිෂ්පාදන විශේෂයෙන් දුම්වැටි භාවිතයෙන් ලොව පුරා ජනතාව විශාල වශයෙන් රෝගී වීමටත් මරණයට පත් වීමත් සිදු වේ. මිනිස් සිරුරේ සෑම අංගයකටම දුම්කොළ නිෂ්පාදන භාවතයෙන් බලපෑම් සිදු වන බවට හඳුනාගෙන තිබේ.

දුම්කොළ භාවතය හෘද රෝග වැළඳීම සදහා ප්‍රධාන හේතුවක් වන අතර හෘදයාබාධ, අංශ භාගය වැළඳීම මූලික හේතු වේ.

දුම්කොළ භාවිතයෙන් මෙරට වසරකට සිදුවන මරණ සංඛ්‍යාව 20000ක් පමණ වෙතැයි සැලකේ.

මින් සිය පියා , සැමියා අහිමි වූ පවුල් ආර්ථික හා මානසික ගැටලු වලින් මිදීමට නොහැකි වන අවස්ථාව සමාජයේ දැකිය හැක. පවුලක ගෘහ මූලිකයා අහිමි වීමෙන් පවුලකට සිදුවන හානියට අමතරව සමාජයට ද බරපතල ගැටලු රැසකට මුහුණ පාන්නට සිදු වේ.

මෙම තත්ත්වයෙන් ශ්‍රී ලාංකිකයන් මුදා ගැනීම සඳහා ලෝක දුම්වැටි විරෝධී දිනයට සමගාමීව මෙම වසරේ දී සෞඛ්‍ය අමාත්‍යංශය සහ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය ප්‍රධාන ඉල්ලීම් දෙකක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ දුම්කොළ භාවිතා කරන සියලු පුරවැසියන් අද (31) දුම්කොළ භාවතයෙන් වැළකී සිටින ලෙසත්, දුම්කොළ හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවිකරුවන් එම භාණ්ඩ අලෙවියෙන් වැළකී සිටන ලෙසත් ඉල්ලා සිටී.stock-vector-illustration-of-world-no-tobacco-day-644567083

ලෝක දුම්වැටි විරෝධී දිනය නිමිත්තෙන් ඉකුත් දා කොළඹ පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවේ දී මෙම කරුණු අනාවරණය කෙරිණි.

දුම්කොළ භාවතයෙන් තොර ශ්‍රී ලංකාවකට අද(31) දිනය කැපකර එය ඉදිරියට පවත්වා ගෙන යාමට පියවර ගන්නා ලෙසද ඒ අනුව දීර්ඝායුෂ ඇති සෞඛ්‍ය සම්පන්න අනාගත පරපුරක් බිහිකිරීමට එක්වන ලෙසද මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂ සමන්ත කුමාර කිතලව ආරච්චි මහතා ද එහිදී ඉල්ලා සිටියේ ය.8650910

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් අනුව තිරසර ගමනක් සඳහා මෙම වැඩපිළිවෙල ආරම්භ කළ බවත් තරුණයා දුම්වැටි ප්‍රතික්ෂේප කරන තත්ත්වයකට පත් කිරීම වර්තමානයේ සිදු වෙමින් පවතින බවත් පෙන්වා දුන්නේ ය.

දුම්වැටි වලට ඇබ්බැහි වීම මෙරට කාන්තා ජන ගහණයෙන් සියයට එකකටත් අඩු ප්‍රමාණයක් වන අතර සිනමාව, කාටුන් ආදියෙන් දරුවාට දුම්වැටි භාවිතය සාමාන්‍ය ක්‍රියාවක් බව පෙන්වන බැවින් ඒ සම්බන්ධයෙන් ජනතාව අවබෝධයෙන් පෙළ ගැසිය යුතු බව අවධාරණය කෙළේ ය.

මද්‍යසාර හා දුම්කොළ සමාගම් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ප්‍රධානතම ඉලක්කය දරුවන් බවද එම උපක්‍රම ප්‍රචාරණ, පිළිබඳ දරුවාගේ අවබෝධය දියුණු කිරීම අත්‍යවශ්‍ය බවද කීය.

සමාජ නිරීක්ෂණයෙන් මත්ද්‍රව්‍ය පිළිබඳ සැබෑව වටහා දීමට පුහුණු කිරීම, සම වයස් පීඩනයට මුහුණ දිය හැකි ලසෙ පෞර්ෂත්වය වර්ධනය, තම පවුල, මිතුරන්, සමාජය සමඟ සමස්ත රට මත්ද්‍රව්‍ය උවදුරෙන් බේරා ගැනීමට සමාජ ක්‍රියාකාරීන් ලෙස එක් වීමටත් යොමු කළ යුතු අතර ඒ සඳහා සුදුසුම සාර්ථකව මඟ පෙන්විය හැකි ස්ථානය පාසල බවද අවධාරණය කෙළේ ය.

පාසල අසල ඇති වෙළඳ සැල්, පාසල අවට ගැවසෙන පුද්ගලයින් ද මත්ද්‍රව්‍යට දරුවන් පොළඹවා ගැනීමට උත්සාහ කළ හැකි බැවින් පාසළ තුළ පමණක් නොව අවට ප්‍රජාවද මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් සඳහා සම්බන්ධ විය යුතු බවද පෙන්වා දුන්නේ ය.
dinamina.lk

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article