Saturday, May 4, 2024

මුද්‍රණ නීතිගත සංස්ථාව ලාභ ලබන ආයතනයක් බවට නුදුරේදීම පත්කරනවා – අභිනව සභාපති වැඩ භාරගනිමින් කියයි

Must read

ඡායාරූපය – www.wijeya.lk

අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පාලනය වන රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ 20 වන සභාපතිවරයා ලෙස බිනර ජයවර්ධන මහතා පසුගිය මැයි 28 වනදා රජයේ මුද්‍රණ නීතිගත සංස්ථා පරිශ්‍රයේ දී වැඩ භාර ගනු ලැබීය. වැඩ භාර ගැනීමෙන් පසුව අදහස් දක්වමින්  අභිනව සභාපතිවරයා ප්‍රකාශ කරනු ලැබුවේ මේ වන විට අතිශය පාඩු ලබන තත්ත්වයක පවතින මුද්‍රණ නීතිගත සංස්ථාව ඉතා ඉක්මණින්  ලාභ ලබන ආයතනයක් බවට පත් කරන අතර මේ වසර  අවසන් වීමට පෙර එහි සැලකිය යුතු වර්ධනයක් අත්පත් කර ගැනීමට බලාපොරොත්තු වන බවයි.

පවතින සම්පත්වලින් උපරිම කාර්යක්ෂම සහ ඵලදායි සේවාවන් රැසක් ඉටු කිරීමට නායකත්වය ගැනීමටත් , සේවක සුභ සිද්ධිය සහ සුභ සාධනය ඉහල නැංවීමටත් තම පාලන සමය තුල බලාපොරොත්තු වන බවත් නව සභාපතිතුමන් වැඩිදුරටත් පවසා ඇත.

බිනර ජයවර්ධන මහතා දිස්ත්‍රික් 306 C-2 සිංහ සමාජයේ උප සිංහාධිපතිවරයා ලෙසද කටයුතු කරන සමාජ සේවකයෙක් ලෙස කිර්තියක් දිනා සිටින අයෙකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article