Tuesday, May 21, 2024

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සරත් ෆොන්සේකා සම්බන්ද නැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව කියයි.

Must read

GSF-SF

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සන්ඩේ ලීඩර් හිටපු කතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ද යැයි මේ වන විට ආරංචි පැතිර යමින් පවතී. එසේ ආරංචි පැතිර යාම ආරම්භ වූයේ ඒ මහතා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරයට පත්කිරීමේ සූදානමක් ඇති බවට රාවයක් පැතිර යාමත් සමගින්ය.

කෙසේ වෙතත යමකිසි පිරිසක් විසින් සංවිධානාත්මක ලෙස පතුරුවාහරිවායැයි මේවන විට විශ්වාස කල හැකි මෙම ආරංචිත් සමග බොහෝ පිරිස් මෙවැනි ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකර ඇත්දැයි එම දෙපාර්තමේන්තුවෙන් විමසා සිටී. නමුත් එවැනි ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදුකර නොමැත.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධ මෙතෙක් සිදුකර ඇති විමර්ශන වලට අනුව මෙම ඝාතනය සිදු කර ඇත්තේ මේජර් ජනරාල් අමල් කරුණාසේකර යටතේ සිටි සෙබළුන් පිරිසක් විසින් බවට හෙළිදරව් වී ඇත.අමල් කරුණාසේකර නැමැත්තා එවකට යුධ හමුදා බුද්ධි අංශයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කර ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article