Saturday, May 18, 2024

නෙදර්ලන්තයේ සිට වසර 24ට පසු තම සැබෑ මව්පියන් සොයා පැමිණි නදීකා…

Must read

 

මීට වසර 24කට පෙර නෙදර්ලන්ත මවක් දරුකමට ලංකාවෙන් රැගෙන ගිය දැරියක වසර 24කට පසු තම සැබෑ මව්පියන් මුණ ගැසීම සදහා නෙදර්ලන්තයේ සිට පැමිණි පුවතක් ගාල්ල තවලම ප්‍රදේශයෙන් වාර්ථා වෙයි. මේ සිදුවීම සිදුව ඇත්තේ පසුගිය 26 වනදාය.සංචාරක මග පෙන්වන්නෙකු වන ආර්.එම්.දේශප්‍රිය මහතාගේ මැදිහත්වීමෙන් වසර 24කට පසු දියණියකට තම සැබෑ මව්පියන් දැකගැනීමට අවස්ථාව හිමිවී තිබිණි.

නෙදර්ලන්ත ජාතික බැකර් ෆිම්කේ මහත්මිය විසින් තමන්ට දරුවන් නොමැති නිසා එවකට මාස 07ක් පමණ වූ  රත්නායක මුදියන්සේලාගේ නදීකා නමින් හැදින්වූ කුඩා දියණියක් නෙදර්ලන්තයට රැගෙන ගොස් ඇති අතර මේ වන විට ඇය 24 හැවිරිදි තරුණියක් වන අතර ඇගේ නම නෙස්ටමාන් නදීකාය.

නදීකා තම නෙදර්ලන්ත මවගේ මගපෙන්වීම මත තම මව්පියන් සෙවීමට මෙරටට පැමිණෙන විට මව්පියන් වෙන්වී මව නුවර ප්‍රදේශයේත්, පියා ගාල්ල තවලම ප්‍රදේශයේත්  වෙන වෙනම ජීවත්වෙන බව දැනගැනීමට ලැබී තිබේ.

වසර විසිහතරකට පසුව තම දියණිය දැකගැනීමේ වරම් ලැබුණු දියණියගේ පියා වන ආර්.එම්.රත්නායක මහතා (70) තම හැගීම් මෙසේ ගොනු කරමින් ඔහු මෙසේ පැවසුවේය. ඇත්තටම අද මට කියන්ත බැරි තරම් සතුටුයි. පවුලේ තිබුණ ආර්ථික ප්‍රශ්න නිසයි නීත්‍යානුකුලව මේ දරුවා දුන්නේ. දරුවාගේ උපන් දිනයට හැම අවුරුද්දෙම එයාගේ පින්තුරයක් එක්ක මට ලියුමක් එවනවා. ඉංග්‍රීසි දන්නා කෙනෙකුගෙන් තමයි මම ඒකේ අදහස දැනගන්නේ. මාව බලන්න එනවා කියලා හැම ලියුමකම වගේ තිබුනා. දරුවා අරන් යන වෙලාවෙත් නෙදර්ලන්ත අම්මා මට කිව්වා දූ ලොකු උනාම මාව බලන්න එක්කරගෙන එනවා කියලා. දරුවගේ අම්ම දැන් ඉන්නේ වෙනම. මට දූ ගැන හරිම සතුටුයි.

නදීකා මෙරටින් රැගෙන යන දිනයේදී ගත් ඡායාරූපයක්
නදීකා මෙරටින් රැගෙන යන දිනයේදී ගත් ඡායාරූපයක්

 

මෙරටට පැමිණි නදීකා ඇගේ නෙදර්ලන්ත මව හා නදීකාගේ මෙරට පියා
මෙරටට පැමිණි නදීකා ඇගේ නෙදර්ලන්ත මව හා නදීකාගේ මෙරට පියා

ඡායාරූප –  රවීන්ද්‍ර ලියනගේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article