Monday, April 29, 2024

ලබන වසරට නව නිවාඩු තුනක්

Must read

ලබන වසරේ එනම් 2019 වසරේ අප්‍රේල් 15, මැයි 20 හා නොවැම්බර් 11 යන සඳුදා දිනයන් බැංකු නිවාඩු දින ලෙස අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අගොස්තු මස 23 වැනිදා පියවර ගෙන තිබේ.

2019 වසරේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය අප්‍රේල් 14 දින, වෙසක් පුර පසළොස්වක දිනය යෙදෙන මැයි 19  දිනය හා නබි නායකතුමාගේ උපන් දිනය යෙදෙන නොවැම්බර් 10 ඉරිදා දිනයන්ට යෙදී ඇති බැවින් එම දිනවලට පසුව එළඹෙන සඳුදාවන් බැංකු නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කිරීමට මෙ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article